කොරෝනා කාලේ සෙක්ස් ලයිෆ් එක බෝරින් වෙලාද? එහෙම නම් මේ ටිප්ස් ටික කියවන්න! – Saru News Media

0
14

දැන් අපි ලෝකයක් වශයෙන් ජීවත් වෙන්නේ කොරෝනා කාලේ. ඒ කියන්නේ ලෝක ව්‍යාප්ත වුණු වසංගතයක් එක්ක සටන් කරන ගමන්, ඒ සටනේ කොටසක් විදියට ගෙවල් වල හිර වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන කාලෙක. මෙහෙම කොහේවත් නොයා ගෙදරට හිර වෙලා, කිසිම සමාජ ආශ්‍රයක් නැතුව, ගර්ල්ෆ්‍රෙන්ඩ්/බෝයිෆ්‍රෙන්ඩ් බලන්න යන්න නැතුව ඉන්න එකේ අප්සෙට් එක අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි කොයි තරම් අමාරු වුනත් අපි හැමෝම මේ නීති රීති අකුරට රකින්න ඕන, තවත් ජීවිත බේරගන්න නම්.

දැන් මේ වගේ කාලෙක කසාද බැඳපු හෝ තමන්ගේ ලව් එකත් එක්ක එකට ජීවත් වෙන්නේ හෝ නැති, ඒත් සාමාන්‍යයෙන් සෙක්ස් ලයිෆ් එකක් තිබුණු උදවියට ටිකක් වැඩේ අමාරුයි. ඇයි ඉතින් මේ කාලේ තමන් හිසට තම අතමය සෙවණැල්ල විතරයිනේ! ගෙදරටම හිර වෙලා ඉන්න සතියක් දෙකක් පනින කොට ඒකත් ඔන්න ඈලි මෑලි වෙලා, කම්මැලි වෙලා යනවා. හැබැයි ඉතින් එහෙම නොවෙන්න ක්‍රම සහ විධිත් තියෙනවා. ආන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ!

 

ප්‍රධානම කාරණය වෙන්නේ, අපි ජීවත් වෙන්නේ තාක්ෂණය දියුණු ලෝකෙක කියන එක තේරුම් ගැනීම. මීට අවුරුදු විස්සකට තිහකට කලින් නම් සෙල්ෆෝන් තියා ලෑන්ඩ් ෆෝන් ගෙවල් වල තිබුණෙත් නැහැනේ. හැබැයි දැන් තත්ත්වේ වෙනස්. හැමෝටම ස්මාට්ෆෝන් එකක් හරි මොන විදියේ හරි ජංගම දුරකථනයක් හරි තියෙන නිසා, ෆෝන් සෙක්ස් වගේ දේකට කිසිම බාධාවක් නෑ. ඒ ඇරෙන්න සයිබර් සෙක්ස් වගේ දේවල් එහෙමත් බොහොම පහසුයි. විශේෂයෙන්ම මූණට මූණ බලාගෙන වීඩියෝ කෝල් ගන්න පුළුවන් විදියේ පහසුකම් තියෙන ස්කයිප්, වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් වගේ අනේකවිධ ඇප්ස් වර්ග තියෙන එකත් ලොකු දෙයක්. ආන්න ඒ නිසා අපි කරන්න ඕන ආරක්ෂාකාරී විදියට නවීන තාක්ෂණය දෙන්නගේ ආදරේට සහ ලිංගික ජීවිතේට උපරිමයෙන් යොදාගන්න එකයි. 

 

දැන් අපි කිවුවනේ සයිබර් සෙක්ස්, ෆෝන් සෙක්ස් ගැන. හැබැයි ඉතින් කසාද නොබැඳපු තියා කසාද බැඳපු හැම කපල් එකක්ම වුනත් ඕවා කරන්නෙ නෑ. ඒ කියන්නේ ඊයා මහ වල් වැඩ කියලා සයිබර් සෙක්ස්, ෆෝන් සෙක්ස් හඳුන්වන කපල් ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් ඇඳිරි නීතිය කාලේ මොකද කරන්නෙ සුදූ. හම්බුවෙන්නත් බෑ. දුරින් හිඳගෙන ෆෝන් එකේ වෝල්පේපරේ තියෙන එයාගෙ ෆොටෝ එක දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නේ. අන්න ඒ නිසා මේ සයිබර් සෙක්ස්, ෆෝන් සෙක්ස් වලට නුහුරු කපල් එකක් නම්, මුලින්ම දෙන්නත් එක්ක සාකච්ඡාවක් දාන්න මේ ගැන. ඒ එක්කම මතක තියාගන්න, සෙක්ස් කියන්නේ නරක දෙයක් නෙවෙයි කියන එක. අනික තමන්ගේ ලව් එකත් එක්ක සෙක්ස් කරන්න මොකටද ලැජ්ජාවක්. තමන්ට ඕන නම් යම් යම් සීමාවන් තියාගන්නත් පුළුවන්!

 

ඇඳිරි නීතිය නිසා ගෙදරටම වෙලා ඉන්න එකයි, වෙනදට නිකම් ගෙදරට වෙලා ඉන්න එකයි දෙකක්. අනික රැකියා ස්ථානයකට ගිහිල්ලා රැකියා කරන උදවියට නම් එක දිගටම ගෙදරට වෙලා ඉන්න එකේ අමාරුව දරුණුවටම දැනෙනවා. ඔය අමාරුකම් ඔක්කොම තමන්ගේ ලිංගික ආතතියටත් බලපානවා. ආන්න ඒ නිසා, පොඩ්ඩක් දෙන්නත් එක්ක දවස දුරස්ථ මාර්ගිකව හරි එකට ගත කරන්න උත්සාහයක් ගන්න එක තමන්ගේ මානසික සෞඛ්‍යයටත්, සෙක්ස් ලයිෆ් එකටත් හොඳයි. වෙන පහසුකම් නැතිනම් දිනකට කීප වතාවක් කෝල් කරලා සම්බන්ධය තියාගන්න පුළුවන්. ඒවා වීඩියෝ කෝල්ස් වුනත් ගැටළුවක් නෑ. ඩේටා ගැන වදවෙන්න දෙයක් නැතිනම්, ස්කයිප් ඔන් කරලා දෙන්නට කැෂුවල් චැට් එකක් දාගෙන තමන් කරන වැඩක් කරන්නත් පුළුවන්. ඒකත් මරු.

 

ආන්න අපි කාරණාවට ආවා. ස්වයං වින්දනය. දැන් මේක මෙහෙමයි. ස්වයං වින්දනය නොකරන අය, බලහත්කාරයෙන් ස්වයං වින්දනය කරන්න ඕන නෑ. හැබැයි ස්වයං වින්දනය කියන්නේ පාපයක් වත්, වැරදි දෙයක්වත් නෙවෙයි කියන එකයි වටහාගන්න ඕන. ඒ වගේම ඒකෙන් කිසිම ශාරීරික ගැටළුවක් ඇතිවෙන්නෙත් නෑ. එකම දේ ඒක ඇබ්බැහියක් වෙන්න නොදී ඉන්න එක. හරි. දැන් ස්වයං වින්දනය කපල් එකක් අතරේ සාමාන්‍ය දෙයක් නම්, මේ කාලේ ඒකත් එකටම කරලා බලමුද? ඒක ඕන නම් ෆෝන් සෙක්ස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නත් එක්ක ෆෝන් එකෙන් සෙක්ස් කරන ගමන් ස්වයං වින්දනය කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම්, වීඩියෝ කෝල් එකක ඉඳගෙන දෙන්නට දෙන්නා දිහා බලාගෙන ස්වයං වින්දනය කරන්නත් පුළුවන්. තමන්ට වඩාත් නිදහස් අවකාශයක් තියෙනවා නම් ෆෝන් සෙක්ස් සහ සයිබර් සෙක්ස් එකට එකතු කරලා ස්වයං වින්දනය එකටම කරන්නත් පුළුවන්!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here