හරි, දැන් bachelor/bachelorette පාටි කිව්වට සමහර කෙනෙක්ට එක පාරම ඔළුවට යන එකක් නැහැ ඒක මොකක්ද කියලා. ඒ නිසා මුලින්ම බලමු මොනවද මේ bachelor පාටි සහ bachelorette පාටි කියන්නේ කියලා. දැන් අපි විවාහ වෙනවනේ. එතකොට විවාහ වෙන්න කලින් අපේ යාළුවෝ සමහර විට පාටියක් දෙනවනේ. ඔය පාටියේ ව්‍යංග අදහස වෙන්නේ, “තමුසේ නිදහසේ ආතල් ගන්න අන්තිම දවස් ටික තමයි මේ යන්නේ, මින් මතු ආයෙ ගෑනිගෙන්/මිනිහගෙන් පිට ආතල් ගැනිල්ලක් නොමැත” වගේ එකක් තමයි. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ තමයි, ඒත් මේ bachelor/bachelorette පාටියක ව්‍යංගාර්ථය ඒක වෙන්න පුලුවන්. ඒකනේ ඔය පිටරටවල bachelor/bachelorette පාටි වලට ස්ට්රිපර්ස්ලව එහෙම ගෙනැල්ලා, පොඩි සෙක්ස් ආතල් එකක් එහෙමත් ගන්නේ. ලංකාවේ නං ඉතින් එහෙම නෑ ගොඩක් දුරට. ලංකාවේ තියෙන bachelor/bachelorette පාටි එකක ගොඩක් දුරට අදහස වෙන්නේ, තමන්ගේ යහළුවා හෝ යෙහෙළිය විවාහප්‍රාප්ත වීම සම්බන්ධයෙන් යාළුෆිට් එකේ ඉන්න අය විදියට තමන් කොයි තරම් සතුටු වෙනවද කියන එක පෙන්නන එක තමයි. ඒ වගේම, විවාහ වෙන්න ඉන්න යහළුවාට හෝ යෙහෙළියට දීප්තියෙන් බැබලෙන්න, හැමදෙනාගේම අවධානයේ කේන්ද්‍රය වෙන්න අවස්ථාවක් ලබාදෙන්නත් වෙන්න පුලුවන්!
දැන් bachelor පාටි එකක් දෙන්නේ විවාහ වෙන්න ඉන්න වෙන්ඩ මනමාලයාට. එතකොට bachelorette පාටි එකක් දෙන්නේ විවාහ වෙන්න ඉන්න වෙන්ඩ මනමාලිට. දැන් පැහැදිලියිනේ. හැබැයි පාටි එකක් කියලා නිකම්ම ගෙදර දාන පාටි එකක් විදියට මේක ඕගනයිස් කරන්න බෑ. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, හොඳ කොලිටි, නැගලා යන bachelor/bachelorette පාටි එකක් දාන විදිය ගැන පොඩ්ඩක් පොයින්ට්ස් ටිකක් ලබාදෙන්න.
bachelor/bachelorette පාටි එකක් දාන්නේ කවදද කියන එක සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද, අපි පටන් ගන්නකොට කියපු bachelor/bachelorette පාටි එකක අරමුණ සහ අර්ථයත් එක්ක ගත්තහම, වෙඩිමට මාස කීපයක් තියලා පාටි එක දාන එක කිසිම තේරුමක් නෑ. ඉතින් හරි විදිය තමයි, වෙඩින් එකට හැකිතාක් ලං කරලා bachelor/bachelorette පාටි එක ගැනීම. හැබැයි තව දෙයක්, වෙඩින් එකක් ආසන්න වෙනකොට, ගොඩක් දුරට වෙන්ඩ මනාලයා සහ මනාලිය අතිශයින්ම කාර්යබහුල වෙනවා. අන්න එතකොට, ඒ ගැන සංවේදී නොවී, වෙඩිමට දවසක් තියලා පාටිය දාන එක වැරදියි. වෙන්ඩ මනාලයාට හෝ මනාලියට නොකියා, එයාලව සර්ප්‍රයිස් කරන අරමුණින් bachelor/bachelorette පාටි එක දානවා නම්, පොඩ්ඩක් එයාලගේ වැඩකටයුතු ගැන පවුලේ අයගෙන් අහලා කරලා, එයාලගේ ෂෙඩ්යුල් එක ගැන දැනගෙන, වෙඩින් එකට ආසන්නතම දවසක් වැටෙන විදියට පාටිය ගන්න දවස සහ වෙලාව ප්ලෑන් කරගන්න පුලුවන්.
මෙන්න මේක නම් ඉතාම වැදගත්. අපි කලිනුත් කිව්වනේ bachelor/bachelorette පාටි එකක එක අරමුණක් කියලා මනාලයා හෝ මනාලියට “දිදුලන්න” අවස්ථාවක් හදලා දීම. එතකොට, මනාලයාට හෝ මනාලියට සම්බන්ධයක් නැති, එයාලව ගණන් ගන්නෙ නැති අයට පාටියට ආරාධනා කරලා වැඩක් නෑ. ඒ වගේම, bachelor/bachelorette පාටි එකක් හරිම පර්සනල් වෙන්න ඕන. ඒ නිසා මේ පාටි එකකට කතා කරන්න ඕන, සමීපතම හිතවතුන්ට තමයි. එහෙම නැතුව අර නිකම්ම දන්න අඳුනන අයයි, ඔෆිස් එකේ අයයි ඔක්කොටම කතා කරලා හරියන්නෙ නෑ. බ්‍රයිඩ්ට හරි ගෘම්ට හරි පර්සනලි ආදරේ කරන, හොඳින්ම දන්න, හොඳම යාළුවෝ කියන්න පුලුවන් අය තමයි මේ පාටියට හොඳටම ගැලපෙන්නේ.
ඇත්තටම bachelor/bachelorette පාටි එකක මූලික අරමුණ වෙන්නේ ආදරණීය, හිතට දැනෙන පාටියක් ලබාදීම මිසක්, වැඩියෙන්ම මුදල් වියදම් කිරීම හෝ හැකි උපරිම පොෂ් ලෙවල් එකේ පාටියක් ගැනීම නෙවෙයි. අන්න ඒ නිසා, පාටිය ඕගර්නයිස් කරන කෙනා හිතලා බලන්න ඕන, පාටියේ බජට් එක කොහොමද, ඒ බජට් එක ඇතුළේ කොලිටියටම වැඩේ කරන්න මොනවද පාටි එකට අවශ්‍ය වෙන්නේ කියන එක. ඕන නම් ලිකර් එහෙම යාළුවන්ට සෙට් කරගන්න පුලුවන්. කෑම බීම හදාගෙන එන්න පුලුවන්. එතකොට හොටෙල් එකක හරි රෙස්ටුරන්ට් එකක හරි පාටිය ගන්න බජට් එක ඇතුළේ අමාරුයි නම්, ඒ වෙනුවට යාළුවෙක්ගේ නිදහස තියෙන ගෙදරක වුණත් ගන්න පුලුවන්. හැබැයි නිකම්ම බීච් එකක, පාක් එකක වගේ පොදු තැනක නම් bachelor/bachelorette පාටි එකක් ගන්න එක හරි නෑ. මතක තියාගන්න, bachelor/bachelorette පාටි එකක් පර්සනල් වෙන්න ඕන. ඒ වගේම මේ පාටි එකක පොඩි පොඩි නෝටි කෑලිත් තියෙන්න පුලුවන් කියන එක මතක තියාගන්න ඕන.
මේක නම් ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් සීන් එක තමයි. අපි කිව්වනේ ඔය හොලිවුඩ් ෆිල්ම් වල, පෝර්න් හබ් ෆිල්ම් වල පෙන්නන විදියට ස්ට්‍රිපර්ස්ලා හරි සමහර වෙලාවට හුකර්ස්ලා හරි ගෙනැල්ලා bachelor/bachelorette පාටි දාන සීන් තිබ්බට, ලංකාවේ එහෙම ප්‍රොෆෙෂනල් ස්ට්‍රිපර්ස්ලා එහෙම හොයාගන්න අමාරුයිනේ. නැහැ නෙවෙයි, අමාරුයි. එහෙම ගේනවා කියන්නෙම ඉතින් bachelor/bachelorette පාටි එකට ලිංගික අර්ථයක් එකතු වෙනවා කියන එක තමයි. විශේෂයෙන්ම හුකර් කෙනෙක් කියලා කියන්නේ ලිංගික ශ්රමිකයෙක්ටනේ. එතකොට ස්ට්‍රිපර් කෙනෙක් කියන්නේ අර නට නට ඇඳුම් ටික ටික ගලවලා සම්පූර්ණයෙන්ම නිරුවත් වෙන කෙනෙක්ට. එහෙම සමහරු එක්ක සෙක්ස් කියලා කිසිම දෙයක් කෙරෙන්නේ නෑ. හැබැයි එහෙම තවත් සමහරු එක්ක සෙක්ස් කෙරෙනවා. ඔය කෝක වුණත්, වෙන්ඩ මනාලයාව හෝ වෙන්ඩ මනාලියව සර්ප්‍රයිස් කරන අරමුණෙන්, එයාගෙන් කිසිම අදහසක් නැතුව මේ වගේ දෙයක් කරන එක ඒ තරම් හොඳ නෑ.
අපි ඉස්සරවෙලත් කිව්වනේ, bachelor/bachelorette පාටි එකක, වෙන්ඩ මනාලයා හෝ වෙන්ඩ මනාලිය ස්පෙෂල් කියලා එයාලට ෆීල් වෙන එක වැදගත් කියලා. දැන් bachelorette පාටි එකකදී නම් ඔය වෙන්ඩ මනාලියට ක්‍රවුන් එකක් දාලා, සෑෂ් එකක් එහෙම දාලා එයාට ස්පෙෂල් ඇටෙන්ෂන් එක දෙනවා. bachelor පාටියකදී නං වෙන්ඩ මනාලයාට ක්‍රවුන් එකක් වගේ දැම්මත් විශේෂයෙන්ම වෙන මොකුත් කරන්නෙ නැහැ. හැබැයි ඔය කොයි එකේදී වුණත්, ඕන නං, බජට් එකේ හැටියට ෂැම්පේන් එකක් එහෙම කඩලා සීන් එකක් කරන්න පුලුවන්. ඒ වගේම, වෙන්ඩ මනාලයාට හෝ වෙන්ඩ මනාලියට තමන්ගේ අවංක හැඟීම් යාළුවන් එක්ක ෂෙයාර් කරගන්න කියලා පොඩි ස්පීච් එකක් එහෙම කරන්න අවස්ථාව දෙන්නත් පුලුවන්.
අන්න හොඳ ප්‍රශ්නයක්. දැන් bachelor/bachelorette පාටි එකක් ඕගනයිස් කරනකොට, ඒකේ තියෙන්න ඕන ඉවෙන්ට්ස් මොනවද කියන එක ගැනත් හිතන්න වෙනවා. මුලින්ම වෙන්ඩ මනාලයාව හෝ වෙන්ඩ මනාලියව සර්ප්‍රයිස් කරලා, ඊට පස්සේ ආපු කට්ටිය වෙන්ඩ මනාලයා/වෙන්ඩ මනාලිය එක්ක ඉන්න ෆොටෝ ටිකක් එහෙම ගන්න පුලුවන්. ඒ ෆොටෝෂූට් එක වෙනුවෙන් ඕන නම් ඔය පොඩි පොඩි ප්‍රොප්ස් ටිකක් එහෙම හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඉතින් බෝතල් ඕපන් කරලා, කෑම මේසේ ඕපන් කරලා, කයියක් ගහන ගමන් කන්න බොන්න පුලුවන්. හැබැයි ඔය ටික මදි. ඔය ටික යනකොට, පොඩි පොඩි ගේම්ස් ටිකක් එහෙමත් තියෙන්න ඕන පාටිය නැගලා යන්න නම්. සාමාන්‍යයෙන් ඔය bachelor/bachelorette පාටි ගේම්ස් පොඩි නෝටි ටච් එකකුත් තියෙන එව්වා තමයි. ඒ කියන්නේ ඇඩල්ට් ගේම්ස්. උදාහරණයක් විදියට කිව්වොත්, ඔන්න පාටි ඕගනයිසර් ප්‍රශ්න ටිකක් අහනවා. හැමෝම ඩ්‍රින්ක් එකකුත් අතේ තියාගෙන ප්‍රශ්න අහගෙන ඉන්නවා. ප්‍රශ්න අනිවා ඇඩල්ට් ඒවා. ඒ කියන්නේ “මුහුදු වෙරළක පාර්ටර් එක්ක ලිප්ස් කිස් කරගෙන තියෙනවද නැද්ද” වගේ, නැතිනම් “තාම වර්ජින්ද නැද්ද” වගේ එව්වා. එතකොට ඒ ප්‍රශ්න වලට උත්තරේ ඔව් නං, මොකුත් කියන්නෙ නෑ, ඩ්‍රින්ක් එකෙන් උගුරක් බොනවා. ඔන්න ඔය වගේ ගේම්ස්!
Saru Fm Media