COLOMBO (News 1st) – ලබන 25 වැනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පහත සඳහන් ප්‍රදේශවලට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ,දෙහිවල – ගල්කිස්ස,කෝට්ටේ හා කඩුවෙල මහ නගරසභා බල ප්‍රදේශ
මහරගම, කොළොන්නාව හා බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශ
කොටිකාවත්ත,මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ
රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටත් මේ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇති.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ,විදුලි බල මණ්ඩලය සිදුකරන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ, තුළුමං පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවීම මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.
උණුසුම් පුවත්
Saru Fm Media