ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ආදරේ වැඩි වෙන්න, ගර්ල්ෆ්‍රෙන්ඩ්ට සර්ප්‍රයිස් එකක් දෙන්න අයිඩියාස් කීපයක්! – Saru News Media

0
16

දැන් ඔය ගෑණු ළමයි වැඩි දෙනෙක් කැමතියි සර්ප්‍රයිස් වලට. ඒ කියන්නේ එයා එන මග හැංගිලා ඉඳලා බුහාහා ගාගෙන ඇඟට පනිනවා වගේ සර්ප්‍රයිසස් නෙවෙයි. අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා අපි ගැන ආදරෙන් පිරිලා ඉතිරෙන විදියේ, හොඳ විදියේ පුදුම කරවීම් නැතිනම් සර්ප්‍රයිස් ගැන තමයි අපි මේ කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් බර්ත්ඩේ එකට එයාට දෙන සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න පුළුවන්. එහෙම නැතිනම් වැලන්ටයින්ස් ඩේ එකට එයාව සර්ප්‍රයිස් වෙන විදියේ දවසක් ප්ලෑන් කරන්න පුළුවන්. අන්න ඒකෙන් ඉතින් අනිවාර්යයෙන්ම එයාලා අපි ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඉතින් හෙටම බඳිමුද අහයි. වයිෆ් නම් අපි ආයෙත් බඳිමුද අහයි. හරි, ඒක කෝක වුණත්, ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි සර්ප්‍රයිස් එකක් දීලා, එයා සතුටු වෙන හැටි බලන අපිටත් හරිම සන්තෝසයිනේ, හා නැද්ද?

ආන්න ඒ අදහසත් හිතේ තියාගෙන, අපි හිතුවා කොල්ලෙක්ට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න පුළුවන් විදියේ මරු අයිඩියාස් කීපයක් ලබාදෙන්න.

 

පණ යන වැඩක් වගේද හිතෙන්නේ? නෑ නෑ, අපි කියන්නේ සම්පූර්ණ නවකතාවක් ලියන්න කියලා නෙවෙයි. අපි ගමු ලස්සන ලෙදර් බැම්මෙන් බැඳපු නෝට් පොතක්. ඕන නම් පොකට් සයිස් චූටි එකක් ගත්තත් කමක් නෑ. දැන් අපි ලස්සනට අපේ අත්අකුරෙන් ලියමු එයා වෙනුවෙන්ම ලව් නෝට්ස් ටිකක්. ලව් ලෙටර්ස් වුණත් කමක් නෑ. ඕන නම් නෝට් පොත පිරෙන්න දෙන්නගේ ලව් ස්ටෝරි එක කතන්දරයක් වගේ ලියන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔන්න ඔය අත්අකුරෙන් ලියපු නෝට් පොත එයාගේ බර්ත්ඩේ එක දවසට තෑගි දෙන්න. එයත් ඔය ලියන කියන වැඩවලට ආස කෙනෙක් නම්, අපිට පුළුවන් එයාටත් ලස්සන නෝට් පොතකුයි, හොඳ ෆවුන්ටන් පෑනකුයි, තීන්ත බෝතලේකුයි තෑගි කරන්න. එතකොට එයාටත් පුළුවන් ලව් නෝට්ස් ලියන්න ඔයා වෙනුවෙන්!

 

ඇත්තටම මල් කළඹකුයි, කේක් එකකුයි, එහෙම නැතිනම් චොක්ලට් එකකුයි දුන්නා කියලා ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් වෙයිද? ඇත්තම කිව්වොත් නෑ. මොකද, විශේෂයෙන්ම වැලන්ටයින් එක හරි බර්ත්ඩේ එක හරි වගේ විශේෂ අවස්ථාවක් නම්, අපි ඔය වගේ මොනවම හරි දෙයි කියලා එයා දන්නවා. හැබැයි එයා ඔෆිස් එකට යනකොට පාරේ අහම්බෙන් හම්බුවෙන මනුස්සයෙක් එයාට කේක් එකක් දුන්නොත්? ඊට පස්සේ තව ටිකක් එහායින් ඉන්න තව මනුස්සයෙක් චොකලට් එකක් දුන්නොත්? නෑ නෑ ගුටිකන්න වෙන්නෙ නෑ. හැබැයි ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් අඳුනන්නෙ නැති යාලුවෙක් දෙන්නෙක් වැඩේට සෙට් කරගන්න වෙනවා. ඕන නම් එයා යන තැනක එයාගේ නම ගහපු මල් බොකේ එකක් තියලා තියන්නත් පුළුවන්!

 

අපි ෆිල්ම්ස් වලත් දැකල තියෙනවනේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකුත් නොදැන ගෙදරට එනකොට තැන් තැන් වල හැංගිලා ඉන්න සෙට් එකම ලයිට් දාගෙන එක පාරට “සර්ප්‍රයිස්” කියලා කෑ ගහනවා. ඒකත් මරු. හැබැයි ඉතින් පරණයි. ඒ වෙනුවට අපි වෙන විදියට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක් ලැහැස්ති කරමුද? ඔන්න බර්ත්ඩේ එක වෙනුවෙන් එයත් එක්ක අපි යනවා හොඳ රෙස්ටුරන්ට් එකකට. ඔන්න රෙස්ටුරන්ට් එකේ කෑම කකා හිටපු මනුස්සයෙක් යන ගමන් අපි ඉන්න තැනට ඇවිත් එක්ස්කියුස් කරලා එයාට විෂ් කරනවා බර්ත්ඩේ එකට. ඔය වගේ දෙක තුනක් වෙනකොට එයා ෆුල් සර්ප්‍රයිස් තමයි. එහෙම නැතිනම් මුළු රෙස්ටුරන්ට් එකේ ඉන්න හැමෝම එක මොහොතක නැගිටලා හැපි බර්ත්ඩේ ටූ යූ කියලා ගායනා කරන්න වගේ දෙයක් කරන්නත් පුළුවන්. මෙව්වා ඉතින් කලින් නූලට තිතට ලැහැස්ති කරලා තියන්න ඕන. බැරිම නම්, රෙස්ටුරන්ට් එකේ වේටර්ලා, මැනේජර් එහෙම ඇවිත් හැපි බර්ත්ඩේ කියලා විෂ් කරලා යන්න සෙට් කළත් කමක් නෑ!

 

දැන් බර්ත්ඩේ එක හරි ඒ වගේ එයාගෙ ජීවිතේ විශේෂ දවසක් අල්ලලා ට්‍රිප් එකක් යන එක සර්ප්‍රයිස් එකක් නෙවෙයිනේ. ට්‍රිප් වගේ කලින් සූදානම් වෙන්න ඕන දේවල් වලට සර්ප්‍රයිස් හරියන්නෙ නෑ. හැබැයි ඉතින් ට්‍රිප් එකේ වෙන්නෙ මොනවද කියන දේවල් නම් සර්ප්‍රයිස් විදියට තියාගන්න පුළුවන්. උදාහරණයක් විදියට, දවල්ට කන්න නවත්තනවා එයා නොහිතන රෙස්ටුරන්ට් එකක. මෙන්න ඕඩර් කරන්නත් කලින් එයාගේ ෆේවරිට් සී-ෆුඩ් ඩිෂ් එකක් මේසේ උඩට එනවා! ආන්න සර්ප්‍රයිස්. ඕන නං අතරමග ඔය වගේ සර්ප්‍රයිස් කීපයක්ම රෙඩි කරලා තියන්න පුළුවන්. ඒ වගේම, යන්නේ කොහෙද කියන එක හරියටම නොකියා, දෙන්නම යන්න ආසාවෙන් හිටපු හොඳ ලක්ෂරි හොටෙල් එකකට යන්න පුළුවන්. ආන්න එතකොට බලාගන්න පුළුවන් එයා සර්ප්‍රයිස් වෙන හැටි!

නැත්නම්, එයා යන්න හරිම ආසාවෙන් හිටපු තැනකට, එයාට නොකියා ට්‍රිප් එකක් එක්කගෙන ගියත් මේ විදියටම තමයි සර්ප්‍රයිස් වෙන්නේ!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here