ගෑණු ළමයෙක් ඇත්තටම අපිත් එක්ක උකුළු මුකුළු කරනවද, නැතිනම් නිකම්ම මිත්‍රශීලී වෙනවා විතරද කියලා දැනගන්නේ මෙහෙමයි! – Saru News Media

0
16

දැන් කොල්ලෝ ගත්තහම ඉන්නවා කාන්තාවෝ විෂයේ එක්ස්පර්ට්ලා. ආයෙ ගෑණු ළමයෙක් තමන් දිහා බලන විදිය අනුව මේ කොල්ලො දන්නවා, ඒ ගෑණු ළමයා නිකම්ම ෆ්‍රෙන්ඩ්ලි අදහසක් විතරද තියෙන්නේ, එහෙම නැතිනම් ඊට එහා ගියපු කැමැත්තක් ඇතුවද ඉන්නේ කියන එක. එතකොට ඒ විදියේ එක්ස්පර්ට් ඩයල්ස් දන්නවා මොන ගෑණු ළමයා එක්ක මොන ලෙවල් එකෙන්ද ගනුදෙනු කරන්නේ කියන එක.

 

හැබැයි තවත් කොල්ලෝ ඉන්නවා, ඒ අයට මේ ගැන කිසිම අදහසක් නෑ. සමහර විට ලෝකේ වැඩිහරියක් ඉන්නේ ඔය කාන්තා පාර්ශවයේ ඉඟි බිඟි කිසිසේත්ම වටහාගන්න බැරි පිරිමි උදවිය වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ, මේ අයට හිතාගන්න බැහැ ගෑණු ළමයෙක් තමන් එක්ක කතා කරනකොට වුණත්, ඒ ගෑණු ළමයා තමන් එක්ක ෆ්ලර්ට් කරනවද, තමන් ගැන කැමත්තක් ඇතුව කතාබහ කරනවද, එහෙම නැතිනම් නිකම් සුහද වීමක්, මිත්‍රශීලී වීමක් විතරද එතන තියෙන්නේ කියලා. සමහර වෙලාවට ඒ නොදැනුවත්කම නිසා අතට ආපු චාන්ස් මිස් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නත් පුළුවන්.

 

ආන්න ඒ නිසා අපි කල්පනා කළා, ගෑණු ළමයෙක් ඇත්තටම කැමැත්තෙන් තමන් එක්ක ෆ්ලර්ට් කරනවද, එහෙම නැතිනම් නිකම් සුහදත්වයක් විතරක් පෙන්නනවද කියන එක අඳුනගන්න පුළුවන් ක්‍රම සහ විධි කීපයක් ගැන කියලා දෙන්න!

 

මෙන්න මේක නං ෂුවර් ඇන්ඩ් ෂොට් ෆ්ලර්ටින්ග් ටෙක්නික් එකක්. ඒ කියන්නේ, ටිකක් දුර දෙන්නා කතාබහ යනකොට, අපි අහන්න කලින්ම අඟවනවා තමන් සිංගල් කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නේ කොල්ලෝ පැනලා ඕක අහනවා වක්‍රාකාරීව හරි. “ඔයා මාත් එක්ක කතා කර කර ඉන්න එකට බෝයිෆ්‍රෙන්ඩ් මොනව කියයිද දන්නෑ නේද?” එහෙම ඇහුවහම ඉතින් සිංගල් කියලා අඟවන උත්තරේ එන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. හැබැයි ඒක නෙවෙයි අපි මේ කියන්නේ. අපි කියන්නේ අපි අහන්න කලින්ම එක්කෝ අපි සිංගල් ද කියලා දැනගන්න ට්‍රයි එකක් දෙන එක. එහෙම නැතිනම් තමන් සිංගල් කියලා අඟවන එක. ගොඩක් වෙලාවට මේක කෙලින්ම අහන එකක් නෑ. හැබැයි වටින් ගොඩින් බෝලේ දාලා බලයි.

 

ගොඩක් වෙලාවට අපිට සාමාන්‍ය සුහද මිත්‍රශීලී කැමැත්තක් තියෙන ගෑණු ළමයෙක් අපි කතා කළහම සතුටෙන්, කැමැත්තෙන් කතා කරයි. සමහර වෙලාවට ඉඳලා හිටලා හායි හලෝ එකකින් කතාව පටන් ගනී. ඉඳලා හිටලා ගුඩ් මෝර්නින් කියයි. ඒක සාමාන්‍ය මිත්‍රශීලී හැසිරීම. හැබැයි තවත් සමහර ගෑණු ළමයෙක් දවස් පතාම අපිව ටච් එකේ තියාගන්නවා නං, ඒ කියන්නේ ෆලෝ අප් කරනවා නං, හොයලා බලනවා නං, ඒ කියන්නේ ඒක මිත්‍රශීලී සීමාවෙන් එහාට ගියපු කතන්දරයක් කියන එක. මොකද, තමන්ට නිකම මිත්‍රකමකට වඩා ඉන්ටරෙස්ට් එකක් තියෙන මනුස්සයෙක් එක්ක දවස ගාණේ වුනත් කතා කරන්න, චැට් කරන්න ගෑණු ළමයෙක් කැමතියි. හැබැයි ඕක දැනගන්න අමාරුයි තමන් දිනපතාම එල්ලි එල්ලි ගිහින් ෆලෝ අප් කරනවා නම්. නිකමට වගේ එහෙම හැමදාම ගුඩ්මෝනින් ගුඩ්නයිට් කියන්න යන්නෙ නැතුව, පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳලා බලන්න. එතකොටත් එයා අපිව ෆලෝ අප් කරනවා නම්, ඒ කියන්නේ එයාට තියෙන්නේ අපි ගැන සරල මිත්‍රශීලී හැඟීමක් විතරක් නෙවෙයි.

 

දැන් ඔය සුහද මිත්‍රශීලීත්වයක් කියන්නේ එල්ලි එල්ලී පැය ගණන් කතා කරන සීන් එකකට නෙවෙයිනේ. ගොඩක් වෙලාවට තියෙන්නේ ස්මෝල් ටෝක් තමා. හැබැයි ඒ ස්මෝල් ටෝක් ලෙවල් එකෙන් එපිටට ගිහින්, වඩාත් තේරුමක් තියෙන ප්‍රශ්න, වඩාත් ඉන්ටරෙස්ටින්ග් දේවල් අපෙන් අහනවා නං, ඒ කියන්නේ ඒ ගෑණු ළමයා අපි ගැන ඇත්තටම දැනගන්න කැමැත්තක් තියෙනවා කියන එක. එයාට අපි ගැන දැනගන්න ඕන. හැබැයි එකක්: එහෙම ඇත්තටම අපිත් එක්ක තේරුමක් තියෙන සංවාද වලට යන්නේ අපිත් එක්ක ඩේට් අවුට් එකකට යන්න කැමතියි කියන එක නොවෙන්නත් පුළුවන්. ඊට වඩා අපිත් එක්ක තේරුමක් තියෙන දෙයක් කතා කරන්න පුළුවන් කියන යාලුමිත්‍රකමක් තියාගන්න වුවමනාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා, මේ කාරණාව, අනික් කියපු කාරණාත් එක්ක සිද්ධ වෙනවද කියලා සැලකිලිමත් වෙන එක කෝකටත් හොඳයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here