රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය ලබන සෙනසුරාදා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. දිවයින පුරා මධ්‍යස්ථාන 341 කදී එය පැවැත්වේ. විභාග අපේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර විභාග දෙපාර්තමේන්තුව දැනටමත් යොමු කර තිබෙ. ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සදහා අවශ්‍ය උපාධිධාරීන් ගණනය කර විභාගයේ ප්‍රතිඵල අනුව එම පුරප්පාඩු සම්පුර්ණ කෙරේ. ඉන්පසු ඇතිවන පුරප්පාඩු සදහා පළාත් සභා මගින් වාර්ෂිකව පළාත් මට්ටමින් උපාධිධාරීන් බඳවා ගන්නා ක්‍රමවේදයට අනුව සුදුස්සන් බඳවා ගැනෙනු ඇත.
Saru Fm Media