ගූග්ල් කීප් පාවිච්චි කරනවද? ගූග්ල් කීප් වල තියෙන මේ විශේෂාංග පාවිච්චි කරලා තියෙනවද? – Saru News Media

0
14

දැන් කාලේ ස්මාට්ෆෝන් එකෙන්, කම්පියුටර් එකෙන් වැඩ කරගන්න ගොඩක් අය ඔය නෝට්‍ස් තියාගන්න ඇප්ස් පාවිච්චි කරනවනේ. ඉස්සර නම් නෝට්ස් තියාගන්න කියලා තිබුණේ පොඩි පොඩි සොෆ්ට්වෙයාර් වුනාට, දැන් තියෙන නෝට් පෑඩ්, ටු-ඩූ-ලිස්ට් ඇප්ස් වලින් සෑහෙන්න වැඩ ප්‍රමාණයක් සිද්ධ කරගන්න පුළුවන්. ඇත්තටම මේ විදියේ නෝට්පෑඩ්, ටු-ඩූ-ලිස්ට් ඇප් එකක් පාවිච්චි කරන එකෙන් අද කාලේ අපේ වැඩකටයුතු සෑහෙන්න දුරට පහසු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම එදිනෙදා ගමනෙදි බිමනෙදී වුනත් ඔලුවට එන දෙයක් සටහන් කරගන්න, කරන්න ඕන වැඩ ලැයිස්තුවක් හදාගන්න, ගන්න ඕන බඩු ලැයිස්තුවක් හදාගන්න මේ වගේ ඇප්ස් ඉතාම ප්‍රයෝජනවත්.

 

හැබැයි ගොඩක් දෙනෙක් මේ ඇප්ස් වල තියෙන නෝට් තියාගන්න, ලිස්ට් හදන වැඩ ඇරුණම තියෙන තව පහසුකම් ගැන ඒ තරම් දන්නෙ නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා, හැමෝම පාවිච්චි කරන නෝට්පෑඩ් ඇප් එකක් වෙන Google Keep එකෙන් කරගන්න පුළුවන් තව තවත් වැඩ කටයුතු ගැන කියලා දෙන්න.

 

මේක නම් ඇත්තටම කියලා දෙන්න තරම් දෙයක් නෙවෙයි. දැන් කාලේ ඕනෑම නෝට්පෑඩ් ඇප් එකක තියෙන, ගොඩක් දෙනෙක් දන්න, හැබැයි දැනගත්තට පාවිච්චියට නොගන්න පහසුකමක්. ඒ තමයි ක්ලවුඩ් සුරක්ෂිත පහසුකම. මෙහෙමයි. දැන් අපිට සමහර වෙලාවට කම්පියුටර් එකේ ටයිප් කරපු මොකක් හරි නෝට් එකක් ෆෝන් එකට ගන්න ඕන. එතකොට අපි ඒක ඔය ෆේස්බුක් මැසෙන්ජර් එකට දාලා හරි, ඊමේල් එකක් දාලා හරි වෙන මොකක් හරි මැෂින් එකෙයි ෆෝන් එකෙයි පොදුවේ තියෙන ඇප් එකකට දාලා හරි තමයි ගන්න ඕන. හැබැයි ඇත්තටම එච්චර දඟලන්න ඕන නෑ. ගූග්ල් කීප් ඇප් එකේ හරි, බ්‍රවුසරේ ඕපන් කරපු ගූග්ල් කීප් වින්ඩෝ එකේ හරි අපිට ඕන කරන නෝට් එක ටයිප් කළාට පස්සේ තප්පරෙන් ගූග්ල් කීප් ඒක අප්ඩේට් කරගන්නවා ක්ලවුඩ් මතකයට. එතකොට අපි ෆෝන් එකේ ගූග්ල් කීප් ඇප් එක ඕපන් කරලා බැලුවොත් පෙනෙයි අර නෝට් එක ඒකෙත් තියෙනවා කියලා. ඕක අනික් පැත්තටත් එහෙමයි. හරිම පහසුයි.

 

ගොඩක් වෙලාවට සමහරු ගූග්ල් කීප් පාවිච්චි කරනවා ඔලුවට එන දෙයක් ඉක්මනින් සටහන් කරගන්න. අර ක්වික් නෝට්ස් කියන්නේ. අන්න ඒ වැඩේට. හැබැයි ඉතින් ඇත්තටම ගූග්ල් කීප් ඕපන් කරලා ඔලුවට එන දේවල් ටයිප් කර කර ඉන්න ඕනෙත් නෑ. ඕන නම් කෙලින්ම වොයිස් මෙමෝ එකක් විදියට, ඒ කියන්නේ අපේ කටහඬින් කියන දේවල් රෙකෝඩ් වෙන නෝට් එකක් විදියට සේව් කරගන්නත් පුළුවන්.

 

මේක කරන්න පුළුවන් සෘජු ක්‍රමය තමයි, ගූග්ල් කීප් එකේ පල්ලෙහාම තියෙන මයික්‍රෆෝන් බට්න් එක ඔබලා ඕන දේවල් කියන එක. එතකොට අපේ වොයිස් එකත් ඒ නෝට් එකේ රෙකෝඩ් වෙන අතරෙම, අපි කියන දේවලුත් එයා වචනයෙන් ලියා ගන්නවා. හැබැයි ඕන නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ කීබෝඩ් එකේ ගූග්ල් වොයිස් කීබෝඩ් එක ඇක්ටිවේට් කරලා (ගොඩක් කීබෝඩ් වල ස්පේස් බට්න් එක ඔබාගෙන ඉන්නකොට ඒක මතුවෙනවා), ඕන දේවල් කියන්න තියෙන්නේ. එතකොට ඒ කියන ඒවා ලස්සනට නෝට් එකේ ටයිප් වෙනවා. හැබැයි මේ දෙවෙනි ක්‍රමේදී වොයිස් එක රෙකෝඩ් වෙන්නෙ නෑ.

 

ඇත්තටම ගූග්ල් කීප් ඇප් එකට ට්‍රාන්ස්ක්‍රයිබ් කරන්න, ඒ කියන්නේ අකුරෙන් පිටපත් කරන්න පුළුවන් වොයිස් එක විතරක් නෙවෙයි. ෆොටෝ එකක ලියලා තියෙන අකුරු සහ වචන අන්තර්ගතයන් වුනත් ගූග්ල් කීප් එකට පුළුවන් ග්‍රහණය කර ගන්න. මේක කරන විදියත් සරලයි. ගූග්ල් කීප් නෝට් එකකට ෆොටෝ එකක් නැතිනම් ඉමේජ් එකක් ඉම්පෝට් කරන්න. දැන් ඒ ඉමේජ් එක සිලෙක්ට් කරලා, උඩ තිත් තුනකින් යන්න පුලුවන් මෙනු එකේ තියෙන Grab image text කියන එක සිලෙක්ට් කරන්න. ආන්න එතකොට ඉමේජ් එකේ තියෙන ටෙක්ස්ට් එක නෝට් එකක් විදියට ඉමේජ් එක යටින් දකින්න ලැබෙයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here