ගෙදරක අක්කලා නංගිලා අතරේ ඇතිවෙන පොදු වලි – Saru News Media

0
54

ගැහැණු දරුවොම ඉන්න පවුලක සහෝදරියෝ අතරේ බැඳීම හරිම ශක්තිමත්. මේ සහෝදරියොම ඉන්න එකේ වාසිත් සෑහෙන්න තියෙනවා.  දුවලා දෙන්නෙක් එකම ගෙදරක ඉන්නව කියන්නෙ ඒ තරම් සිරියාවක් තවත් කොහෙද ඉතින්. දුවල දෙන්නා තුන්දෙනා වුණාම, තුන්දෙනා හතරදෙනා වුණහම ඊටත් වඩා සිරියාවයි. කොහොමද කෙල්ලෝ සෙට් එකම ලස්සනට පාරෙ බැහැලා යනකොට තියෙන ගැම්ම? හැබැයි ඔය සිරියාව එහෙම පිටින්ම ඉවරෙටම ඉවරයි සිරියාවයි ඉරානයයි වගේ ගහ මරාගන්න පටන් ගත්තම. ආයේ ඉතින් කෙහෙවලුත් පටලවගෙන තමයි කෙළවරක් වෙන්නෙ. අපි කලින් දවසක කතා කළා අක්කා නිසා නංගි කෙනෙක්ට කන්න වෙන කටු ගැන. මේ කියන්න යන්නෙ අක්කයි නංගියි, නැත්තම් අක්කලයි, නන්ගිලයි ඔක්කොම එකට සෙට් වෙලා දාගන්න වලි ගැන. අක්කලා නංගිලා ඉන්න ඕනම ගෙදරක මේ කියන ජාතියෙ හැම වලියක්ම අඩුමගානෙ එකපාරක් හරි වෙලා තියෙනව කියන එකනම් ඉර හඳ තරම්ම විශ්වාසයි.

 

 

 

කෙල්ලොම ඉන්න ගෙදරක ලොකුම වලියක් තමයි මේ ඇඳුම් වලිය. අක්කල නංගිල ළඟ ළඟ වයස් වල අය වුණහම ඔක්කොටම එහා. පොඩි කාලෙනම් ලොකු වාසියක් තමයි ඇඳුම් බෙදාගෙන අඳින්න පුළුවන් වෙන එක. හැබැයි ලොකු වුණාමනම් ඒක මහ යුද්ධෙකට හේතුවක්. අක්කගෙ ලස්සන ඇඳුමක් දැක්කොත් නංගි ඇඳන් යනවා. නංගි අලුතෙන්ම ගෙනාපු ඇඳුමක් එයාට කලින් අක්ක ඇඳගෙන යනවා. ඇඳගෙන ගියාටත් පස්සෙ තමා වැඩේ අහුවෙන්නෙ. ඉතින් ගිහින් ගලවගෙන එන්නයෑ. 

 

 

 

අක්කගෙන් මේ ටික අහගත්තෙ නැති නංගි කෙනෙක් ඉන්නවනම් ඉතින් ඔන්න එයානම් ඇත්තටම හදාගත්ත බබෙක් තමයි. පොඩි කාලෙ නංගිව අවුස්සල පොඩි ආතල් එකක් ගන්න අක්කල කරන එක වැඩක් තමයි මේක. නංගි හදාගන්න ගත්ත බබෙක්. අක්ක පොඩි කාලෙ කැළේ දාල ගිහින් ඉන්නකොට හම්බවෙලා තමයි අම්මලා නංගිව අරන් ආවෙ වගේ කතා කියල නංගිව අවුස්සන්න අක්කල හරි ආසයි. නංගිත් ඉතින් කතාව ඇත්ත කියලා හිතල අඬාගෙන ගිහින් අම්මට නඩු කියන්නෙ. අම්මලාටත් මේ වලි බේරලම ඉවරයක් නැහැ. 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here