ගේමින් ලෝලී තාරුණ්‍යයට අලුත් ආසාවන් ඇති කරවපු ගේමින් ස්මාට්ෆෝන්ස් – Saru News Media

0
16

ගේමින් කියන්නෙ දිනෙන් දින අවධානය ඉහළ යන දෙයක් විත්තිය ඔප්පු කරන්න අමුතුවෙන් සාක්කි අවශ්‍ය වෙන්නේ නෑ. ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාව විදියට හඳුන්වන ෆිෆා ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායම ගෙදර ගෙනියන්නෙ ඇමරිකානු ඩොලර් මිලියන 38ක්. ඒ අවුරුදු 4කට වතාවක්. කණ්ඩායමේ සහ කළමනාකාරීත්වයේ මුළු සාමාජිකයන් සංඛ්‍යාව 30 දෙනෙකුට ආසන්නයි. අවුරුද්දකට වතාවක් පැවැත්වෙන සිවු දෙනෙකු ක්‍රීඩා කරන ෆෝට්නයිට් චැම්පියන්ෂිප් එකේ ජයග්‍රාහකයන්ගෙ තරග මුදල ඇමරිකානු ඩොලර් මිලියන සීයක්. ඒකෙන්වත් දැනගන්න eSports වෙනුවෙන් තියෙන අවධානයේ තරම. ඒ මිලියන සීය ගෙනියන්නෙ අවුරුදු පහළොවේ දාසයේ කොල්ලො. මේ කියන්න යන්නෙ ගේමින් වෙනුවෙන්ම සුවිශේෂ වූ මේ වෙන කොට වෙළඳපොලේ වැඩිම අවධානයක් දිනාගත් ගේමින් ස්මාට්ෆෝන්ස් ගැන.

 

මේ ලැයිස්තුවෙ තියෙන හොඳම ගේමින් ෆෝන් එක විදියට හඳුන්වන්නට පුළුවන් වෙන්නෙ Asus නිෂ්පාදි​ත ROG Phone එක. ​Razer ස්මාට්ෆෝනය තරමට සුපැහැදිලි දර්ශන සහ රිෆ්‍රෙෂ් රේට් එකක් සහිත තිරයක් නැතත් පර්ෆෝමන්ස් අතින් කදිම ස්මාට්ෆෝනයක් විදියට මේ නිෂ්පාදනය හඳුන්වන්නට පුළුවන්. ස්මාට්ෆෝන් එක පුරාම ගේමින් හැඩය පවත්වාගන්නටත් සමත් වෙලා තියෙනවා. රැම්, ප්‍රොසෙසර් සහ ග්‍රැෆික්ස් අතිශය සාර්ථක ලෙසින් ගේමින් වෙනුවෙන් සුසැදිව ඇති මෙම නිෂ්පාදනයේ බාහිර පෙනුමත් කදිම ගේමින් පෙනුමක් එන ලෙසින් නිමවා තිබෙනවා. AeroActive fan සහ AirTriggers වැනි ගේමින් වෙනුවෙන්ම සුවිශේෂ වූ තාක්ෂණයන්ගෙනුත් උපාංගය පරිපූර්ණයි. ගේමින් ස්මාට්ෆෝන් ලැයිස්තුවේ සම-පළමු ස්ථානයට මෙය නිර්දේශ වී තිබුනත් අපිට අනුවනම් මෙය සම-තරගකාර Razer Phone 2 ට වඩා දශමයකින් පමණ ඉදිරියෙන් සිටිනවා.

 

120Hzක රිෆ්‍රෙෂ් රේට් එකක් සහිත අති සුපැහැදිලි Razer Phone 2 ස්මාට්ෆෝනය LED logo, wireless charging වැනි විශේෂාංග සමග භාවිතයට පහසු ලෙසින් නිමැවුනු ස්මාට්ෆෝනයකි. ගේමින් වෙනුවෙන් වඩා වැදගත් කාරණයක් වන්නේ ගේම් එක පාලනය කිරීමට හැකි ලෙස වඩා ඉහළ කාර්යක්ෂමතාවයක් අත්කරගත හැකි ලෙස කෙරෙන නිමැවුමයි. ස්පීකර්ස් ඉදිරියට යොමා ඇති නිසා ඒ මතින් ස්මාට්ෆෝනය ග්‍රහණය කිරීමට හැකි අතර ස්පීකර්ස් ඉදිරියට යොමා ඇති නිසා ශබ්දය වඩා ගුණාත්මකය. එසේම Fast wireless chargingද ඇති මෙම ස්මාට්ෆෝනය Asus ROG Phone තරමටම ඉහළින් ඇති බව පිළිගත යුතුමය.

 

Xiaomi සමාගම නිකුත් කළ ගේමින් ස්මාට්ෆෝන් ත්‍රිත්වය වන Xiaomi Black Shark Helo, Xiaomi Black Shark, Xiaomi Black Shark 2 අතරින් නවතම උපාංගය මෙය වෙයි. පසුගිය මාර්තු මාසයේ නිකුත් වුනු මෙම ස්මාට්ෆෝනය Snapdragon 855 ප්‍රොසෙසරයක්, අඟල් 6.39ක තිරයක්, තිරය යටින් ඇති ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරයක් සහිතව කදිම හැඩයකින් යුතුව නිකුත් කර ඇත. මෙහි හැඩයද ගේමින් වෙනුවෙන්ම වඩාත් කදිම ලෙසින් නිමවා ඇති සේම නිර්මාණයද ගේමින් වෙනුවෙන්ම වෙන්වූවක් බව බැලූබැල්මටම පෙනී යයි. විශේෂයෙන්ම මෙහි ඇති මෙයටම ආවේණික ගේමින් මෝඩ් එක වෙනත් බාධාවකින් තොරව ගේම් වෙනුවෙන් කාලය යොමු කරන්නට හැකි ඉඩ සාදාදෙයි. එසේම මෙය ගේමින් ලෝලියෙකු නොවුවත් බලාපොරොත්තු වෙන තාක්ෂණයන්ගෙන් හෙබි උපාංගයකි.

 

Huawei සමාගම තම ලාබදායී නිෂ්පාදන නිකුත් කරන සන්නාමය වන Honor යටතේ නිකුත් කළ Honor Play වඩා ලාබදායී මිලකට ඔබ සතු කර ගත හැකි ගේමින් උපාංගයක් ලෙසින් දැක්විය හැක. මහා තාක්ෂණයන්ගෙන් හෙබි උපාංගයක් මෙය හඳුන්වා දෙන අඩු මිලට ලබා ගත නොහැකි වුවත් ගේමින් වෙනුවෙන් ගැලපෙන ලෙසින් නිපදවා ඇති නිසා මෙම අඟල් 6.3ක තිරයක් සහිත උපාංගය අඩු මුදලක් වැය කරන්නට සූදානමින් සිටින අයෙකුට කදිමට ගැලපෙයි. මේ මොහොතේ වෙළඳපොලේ පවතින බොහෝ උපාංගවලට සමාන සරළ සාමාන්‍ය පෙනුමක් සතු මෙය නොච් එකක්ද සහිතව නිපදවා ඇත.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here