චීස් රොටී (Cheese Roti) ⋆ ධරණී

0
5

අවශ්‍ය ද්‍රව්‍ය :-

*පාන්පිටි ග්‍රෑම් 250

*නැවුම් කිරි (පොල්කිරි හැර ඕනෑම කිරි වර්ගයක්) මි.ලී.130

*ලුණු කුඩු අවශ්‍ය පමණට

*ගාගත් චීස් ග්‍රෑම් 50-75

*බටර් මේස හැඳි 2

*තෙල් තේ හැඳි 1

 

සාදන ක්‍රමය

*කිරි ටික බඳුනකට දමා ඊට පාන්පිටි, ලුණු එක්කර මෝලියක් ලෙස අනාගන්න.

*දැන් මෙයට තෙල් තේ හැන්ද දමා එය අතේ නොඇලෙන මෘදු පදමට අනාගන්න.

*එය පැය බාගයක් වසා තබන්න.

*අනතුරුව එය මේසයක් මතට දමා ග්‍රෑම් 50 පමණ කැබලිවලට කඩාගන්න.

*දැන් රෝලින් පින් එකකින් රවුම් හැඩයට සාදාගත් රොටිය මතට යන්තමට රත් කරගත් බටර් ආලේප කර ගාගත් චීස්ද ඒ මත විසුරුවා හරින්න.

*දැන් එය රෝල් එකක් ආකාරයෙන් නවා, අනතුරුව පැතලි හැඩයට අතින් තද කරගන්න.

*එය යළි රෝලින් පින් එකකින් තුනී කරගෙන තැටියක් රත්කර දෙපැත්තම රන් පැහැයට පුළුස්සා ගන්න.

**පොල් නොදැම්මද මෙය ඉතා රසවත් රොටියකි.

 

ආහාර වට්ටෝරු

විධායක සූපවේදී

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here