ජනතාවට සහනයක් දෙන්න යන ඇමති කංචන – Saru FM Media

0
217


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට පවසන්නේ ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බවයි. අමාත්‍යවරයා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි .

අමාත්‍ය කංචන විජේසේකර මහතා තවදුරටත් පැවසූවේ ,

“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා. අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා. රුපියල ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයටම, අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා කියන එක.”

රෂිකා හෙන්නායක


Saru Fm Media