ජනපති මඩු දෙව් මැදුරේ දී කී තලෙයිමන්නාරම් “සැප කෝච්චිය” ධාවනයට | Saru FM Media

0
15


තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර සුඛෝපභෝගී මැදිරි පහසුකම් ද සහිත නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මෙම නව දුම්රිය සේවය පිළිබඳව පසුගිය මරඳමඩු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුල් වරට හෙළි කිරීම ද විශේෂත්වයකි.තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි.වායුසමනය කළ සුඛෝපභෝගී පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි දෙකකින් හා දෙවන , තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

The post ජනපති මඩු දෙව් මැදුරේ දී කී තලෙයිමන්නාරම් “සැප කෝච්චිය” ධාවනයට appeared first on Saru FM Media.


Saru Fm Media