ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 4 කොට​ස – Saru FM Media

0
98


ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොට​ස

ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොට​ස

මේ Lifie ඔබ වෙත ගෙනෙන අතුරුදහන් වූ නිළියෝ ආටිකල් සීරිස් එකේ හතරවෙනි ආටිකල් එක. මේ ආටිකල් එකේදි අපි පොඩි වෙනසක් කරන්න හිතුවා. කලින් ආටිකල්වලදී අපි කතා කරේ මෑතකාලීන නිළියන් පිළිබඳව. අපේ අද ආටිකල් එකෙන් කතා කරන්​නේ පෙර පරම්පරාවේ නිළියන් කිහිප දෙනෙක් ගැන. මේ අය ජනප්‍රියත්වයෙන් ඉහළ තලයේ ඉඳලා කාලයත් එක්ක සමහර විට විවාහයෙන් පස්සේ නිහඬ වුණු අය. 

ඔයා ‘ගැටවරයෝ’ චිත්‍රපටිය නරඹලා තියෙනවා නම් ගාමිණී ෆොන්සේකාගේ ගමේ පෙම්වතිය වුණු කරුණාව මතක ඇති. ඒ චරිතය වගේම පෙනුමෙනුත් ඇය අහිංසක යුවතියක්. සැබෑ ජීවිතයේ සෝබනී අමරසිංහ නම් වූ ඇය තමන්ගේ පළමු රඟපෑම වූ ගැටවරයෝ නිසාම සරසවි සිනමා උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. නමුත් ඉන්පසුව ඇය සහභාගි වුණේ ‘සාරවිට’, ‘හන්තානේ කතාව’ වැනි චිත්‍රපට කීපයකට පමණයි. පරිපාලක නිලධාරියෙකු වූ ලලිත් හීන්ගම සමඟ විවාහ වූ ඇය ඉන්පසුව සිනමාවට සමු දුන්නා.

සිංහල සිනමාවේ ගිනි සිළුවක් වුණු ඇය අද වෙනකොට එක්තැන් වෙලා ජීවත් වෙනවා. ‘සුරතලී’ චිත්‍රපටයෙන් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරපු ඇය ‘සුහද දිවි පිදුම’, ‘දෙයියන්ගේ රටේ’, ‘මංගලිකා’ වගේ චිත්‍රපටි ගණනාවක රඟපෑවා. විවාහයෙන් පස්සේ කාලයක්  සිනමාවෙන් ඈත්වෙලා හිටියත් ඇය ‘ආදර රත්නේ’ චිත්‍රපටය හරහා නැවතත් රංගන ජීවිතය ආරම්භ කළා. කාලයත් එක්ක විවිධ රෝගාබාධ වලට ගොදුරු වුණු ඇය මේ වෙනකොට පිළියන්දල පිහිටි සිය නිවසටම කොටු වී කාලය ගත කරනවා. Lifie රසිකයන් විදිහට අපි එතුමියට නිදුක් නිරෝගී සුවය පතනවා.

ඇය සිනමාවට සම්බන්ධ වෙන්නේ සිනමාවේ ස්වර්ණමය යුගයේදී. ‘මයුරිගේ කතාව’,’අහස් මාලිගා’, ‘රැජින’,’ජයසිකුරුයි’, ‘සාරංගා’, ‘මායා’ වගේ චිත්‍රපටි ඇගේ රංගනයෙන් හැඩ වුණා. නමුත් තමන්ගේ රංගන ජීවිතයේ උච්​චතම අවධියේ දී ඇය රංගනයට සමු දෙනවා. ඉන්පසුව ඇය මෑතක් වන තුරුම නිහඬ ජීවිතයක් ගත කරන්නේ. මීට වසර 2කට පමණ පෙර ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණු ‘එකගෙයි මිනිස්සු’ ටෙලි නාට්‍යයේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ බිරිඳ ලෙස රඟ පාමින් නැවතත් ඇ​ය රංගනයට එකතු වුණා.

දේවිකාත් සෝබනී අමරසිංහ වගේම ‘ගැටවරයෝ’ චිත්‍රපටියෙන් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරනවා. ඊට පස්සේ ඇයට ‘සීතල වතුර’, ‘ලක්සෙට කොඩිය’, ‘වන රජා’, ‘අද මෙහෙමයි’ වගේ චිත්‍රපටි ගලාගෙන එනවා.නමුත් ඇගේ විශිෂ්ටතම චරිත නිරූපණය විදිහට ප්‍රේක්ෂකයෝ වගේම විචාරකයොත් පිළිගන්නේ ‘වැලිකතර’ චිත්‍රපටියේ ගෝරිං මුදලාලිගේ නැඟණිය විදිහට සිදු කරපු කෙටි රංගනයයි. වික්‍රම රන්දෙණිය අතින් අනාථ වෙලා දරුවෙකු වැදීමට ගොස්  ප්‍රසව වේදනාවෙන් මියයන මුතු මැණිකාගේ චරිතය එම චිත්‍රපටය තුළ ඇය නිරූපණය කළා. මේ වෙනකොට ඇය සිනමාවෙන් ඈත්වෙලා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා.

සිංහල සිනමාව නර්තනයෙන් විචිත්‍රවත් කිරීමට සමත් පළමු නිළිය වෙන්නේ ක්ලැරිස් ද සිල්වායි. ඇයගේ සිනමා ජීවිතයේ කඩඉමක් විදිහට ‘මාතලන්’ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මාලනී ෆොන්සේකා මහත්මිය පසු කලක ප්‍රකාශ කළේ තමන්ට රඟපෑමට ආශා සිතීමට හේතු වුණෙත් ක්ලැරිස් ද සිල්වාගේ රංගනය නිසා බවයි. ඒ වගේම ඇය සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ සුරූපිතම නිළියක් ලෙසත් සැලකෙනවා. ‘අල්ලපු ගෙදර’, ‘ආදරයයි කරුණාවයි’, ‘ඉවසන දනා’ වගේ චිත්‍රපටි ගණනාවක රඟපාපු ඇය කාලයත් එක්ක ම සිනමාවෙන් ඈත් වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

කාන්ති ගුණතුංග සිංහල සිනමාවට පිවිසෙන්නේ ‘සුරංගනී’ චිත්‍රපටියේ කුඩා චරිතයක් රඟපාමින්. ඉන්පසුව ඇය ‘දොස්තර’ චිත්‍රපටයේ රඟපෑමට එක් වෙනවා. 1956 වසරේ දී ලංකාදීප පත්‍රය මගින් පංචකල්‍යාණිය තේරීමේ තරගයක් පවත්වන අතර ඉන් ජයග්‍රහණය කිරීමට කාන්ති ගුණතුංගට හැකියාව ලැබෙනවා. කෙටි ඇඳුමක් අඳිමින් ‘වනමෝහිනී’ චිත්‍රපටයේ ඇය සිදුකළ රඟපෑම නිසා ඇයට ගල් වගේම මලුත් ලැබෙනවා. සමහර ප්‍රේක්ෂකයන් ඇයට විරෝධය පළ කරද්දී මේ රඟපෑම නිසාම ඇය ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවා. කොහොම වුණත් ‘සංදේශය’ චිත්‍රපටයේ රඟපෑමෙන් පස්සේ ඇය සිනමාවෙන් සමු ගන්නවා. ඉන් පසුව දැන් වසර දහයකට පෙර ‘විශ්ව ගමන’ ටෙලි නාට්‍යයේ ඇය රඟපෑවා. මේ වෙනකොට ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහිල්ලයි ඉන්නේ.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here