ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිටියදී අතුරුදහන් වූ නළුවෝ – Saru FM Media

0
111


හැමෝම දන්න විදිහට Lifie අපි ගෙන ආපු ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිටියදී අතුරුදහන් වූ නිළියෝ ආටිකල් සීරිස් එක පාඨක ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය වුණා. මේ නිසා ඇතැම් අවස්ථාවලදී යූටියුබ් නාලිකා ඒ ආටිකල් හොරෙන් අරගෙන ඉදිරිපත් කරලාත් තිබ්බා. කොහොම වුණත් ඇතැම් අවස්ථාවල දී අපි නිළියන් ගැන විතරද කතා කරන්නෙ කියලා ප්‍රශ්නයක් අහල තිබ්බා. මේ නිසා අපි හිතුවා ජනප්‍රියත්වයෙන් ඉහළ තලයේ ඉන්දැද්දි අතුරුදහන් වුණු නළුවෝ කීපදෙනෙක් ගැන මතකය අවදි කරන්න.

 

 

මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගිහිල්ලා ඉන්න ජයන්ත බෝපේආරච්චි කාලයක් අපේ සිනමාවට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් වෙලා හිටියා. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළදී ඔහුට විශාල පරාසයක චරිත රඟපාන්න ලැබුණා කියලා කිව්වොත් නිවැරදියි. ‘ගැහැණු ළමයි’, ‘ගිරිකුල අන්දරය’ වගේ ටෙලිනාට්‍ය ගණනාවක ඔහු චරිත නිරූපණය කළා. නමුත් සිනමාවෙදි නම් බොහෝවිට ජනප්‍රිය ගණයේ නිර්මාණ වලින් පමණයි ඔහුව මුණ ගැහුණේ. 

 

හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යුවළගේ එකම පුත්‍ර රත්නය වන සුදාරක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ  ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යයේ සුගත්ගේ චරිතය රඟපාමින්. ඉන්පසුව ඔහු ‘එකගෙයි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයේ සාර්ථක චරිත නිරූපණයක්  කරනවා. නමුත් කලා ජීවිතයට වඩා තම වෘත්තීය ජීවිතයට  වැඩි ප්‍රමුඛතාවක් දීම නිසා අපිට ඔහුව දැකගන්න ලැබුණේ නිර්මාණ කීපයකින් පමණයි.

 

අද පවා ඉඳ හිට විකාශනය වන ‘සුඑන්සූ’ වෙළඳ දැන්වීමේ පෙනී සිටින කඩවසම් නළුවාව ඔබට මතකද? ‘මමයි රජා’ චිත්‍රපටියෙන් ක්ෂේත්‍රයට ආපු රජිත චිත්‍රපටි වල වගේම ටෙලි නාට්‍ය ගණනාවක රඟපෑවා. ඒ දිනවල සුනිල් ටී, සෝනියා දිසා, සුනිල් සෝම පීරිස් වගේ අයගේ චිත්‍රපටි වල ඔහු නැතිවම බැරි චරිතයක් වෙලා හිටියා. ‘ටිකිරි නිලමේ’, ‘ඇතුගල පාමුල’, ‘මල් කැකුළක්’ ඔහු පෙනී සිටි ටෙලි නාට්‍ය අතරින් කිහිපයක්. දීර්ඝ කාලයක් විදේශගතව සිටි ඔහු මේ වනවිට ලංකාවට පැමිණ සිටිනවා.

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here