ජන්ක් ජර්නල්ස් හදන්න ආසාවක් තියෙනවද? එහෙමනම් මේ විදියට ජන්ක් ජර්නල්ස් හදන්න ඉගෙන ගමු – Saru FM Media

0
185


අපි හැමෝටම විනෝදාංශ අවශ්‍යයි. අපි ගොඩක් දෙනෙක්ට ඇත්තටම විනෝදාංශ තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, සමහරු යම් යම් ගෙත්තම් අත්කම් ලී වැඩ වගේ ක්‍රාෆ්ටි නිර්මාණ කරනවා. ඒවා විකුණලා මුදල් උපයාගන්නවත් එක්ක. එතකොට තවත් සමහරු ඉන්නවා පොත් කියවන එක, හොඳ චිත්‍රපටි බලන එක, මුද්දර එකතු කරන එක එහෙම විනෝදාංශ විදියට කරන. ඒ අයට ඒ විනෝදාංශ වලින් දැනුමට දෙයක්, බුද්ධියට දෙයක් එකතු වෙනවා. එතකොට තවත් සමහරු විනෝදාංශ විදියට ටීවී බැලීම, නිදාගැනීම වගේ එව්වා කරනවා. ඒවෑයිනුත් මොනව හරි ලැබෙනවා ඇති.

 

හරි, අලුත් විනෝදාංශයක් තෝරගන්න හිතනවා නම්, ඒකට ගැලපෙන විනෝදාංශ බර තොගයක් අපි හඳුන්වලා දීලත් ඇති. ඒ අතරින් එකක් තෝරගන්නවා නං, ජන්ක් ජර්නලින් (junk journaling) කොහොමද? මාර අමාරු වැඩක් නෙවෙයි. හොඳ නිර්මාණශීලී බවකුයි, ඇහැකුයි, ඉවසීමයි තියෙනවා නං, ජන්ක් ජර්නලින් කියන්නේ හිත පුදුම විදියට නිවන විනෝදාංශයක් කියලා කියන්න පුළුවන්.

 

 

 

ඇත්තටම මේකට දෙන්න පුළුවන් හරි පිළිතුරක් නෑ. ඕන නම් කියන්න පුළුවන්, ඉවතලන හෝ නැවත භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය යොදාගෙන, එව්වා එකතු කරලා හදපු ජර්නල් පොතක් කියලා. හැබැයි ඉතින් මේක ජර්නල් එකක්ම වෙන්න ඕන නෑ. ග්‍රීටින් කාඩ්ස් වුණත් වෙන්න පුළුවන්. ඇත්තටම ජන්ක් ජර්නලින් කියලා නම තිබ්බට මේක එක විදියට ආට් එකක්. ටිකක් කොලාජ් ආට් වගෙත් වෙනවා. විශේෂම දේ වෙන්නේ, තමන්ට ආසාව, නිර්මාණශීලීත්වය සහ වුවමනාව තියෙනවා නම්, තමන්ට ඕන විදියට ජන්ක් ජර්නලින් ආට් එක ඔස්සේ විවිධ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් වීම.

 

උදාහරණයක් විදියට ගත්තොත්, ඕන්න අපි කාඩ්බෝඩ් එකක් අරගෙන, ඒක ජර්නල් එකේ කවර විදියට යොදාගන්නවා. දැන් මේ කවර ඇතුළත පිටත ඔක්කොම ඩෙකරේට් කරනවා පරණ සඟරා වලින්, පරණ පත්තර වලින් ඉරා ගත්තු කෑලි, ලස්සන ඩිසයින් ෆ්‍රේම් එකක් විදියට හිටින්න ඉටිපන්දමෙන් වටේ පුච්චගත්තු ෆොටොස්, වාශී ටේප්ස්, ස්ටිකර්ස් අනං මනං අලවලා. ඕන නං වේලපු මල් එහෙම වුණත් මේකට අලවන්න පුළුවන්. ඕන නං ඔරිගාමි නිර්මාණයක් කරලා ඒක වුණත් අලවන්න පුළුවන්. ඇත්තටම නිර්මාණශීලීත්වයත් එක්ක, ජන්ක් ජර්නලින් වල යන්න පුළුවන් දුර අහසටත් උසයි!

 

ඇත්තටම අපි ජන්ක් ජර්නලින් කරන්න ආස හිතෙන්නේ කොහෙන් හරි ජන්ක් ජර්නල් එකක් දැක්ක නිසා වෙන්න පුළුවන්. හැබැයි අපි ජන්ක් ජර්නල් එකක් දැක්ක පළියට හිතන්න එපා අපිටත් ඔව්වා කරන්න පුළුවන් කියලා. ඒවා කරන්න ඉගෙන ගන්න ඕන. හැබැයි ඉතින් දැන් කාලේ යූටියුබ් එකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් එක හොඳ කාරණයක් මෙතනදීත්. යූටියුබ් එකේ Junk journaling කියලා සර්ච් කළහම විවිධ ටිප්ස්, ටියුටෝරියල්ස් එහෙම ඕන තරම් හොයාගන්න පුළුවන්. දැන් ඉවසිල්ලෙන් පුළුවන් තරම් වීඩියෝස් බලලා, ඒවල තියෙන කෙටි ක්‍රම, ටිප්ස්, ට්‍රික්ස් එහෙම ඉගෙනගන්න තියෙන්නේ.

 


Saru Fm Media