කොළඹ (LNW): ජාතික පාසල් සඳහා දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් විවිධ චක්‍රලේඛණ ඉදිරිපත් කර තිබුණ ද, තවමත් අවිධිමත් ක්‍රම හරහා ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කරන්නේ මෙම ජාවාරම පිටුපස ඇමති කාර්යය මණ්ඩලය ද සිටින බවට සැක පලකරන බවයි.
ඒ අනුව, මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදුකොට නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
ඒ පිළිබඳව එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහතින්:
ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම සදහා අමාත්‍යවරයා විසින් විවිධ චක්‍රලේඛණ නිකුත් කර තිබුණද තවමත් හොරපාරෙන් ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කරමින් සිටන බවට අප සංවිධානයට තොරතුරු වාර්තා වී ඇත. උද්ධමනය ඉහළ ගොස් ජනතාව අමාරුවෙන් ජීවත්වන මෙම වකවානුවේ සාධාරණ ක්‍රමයකට ජාතික පාසැල් සදහා හෝ ළමයින් ඇතුලත් කර ගැනීමට කටයුතු කරාවියයි ජනතාව බලාපොරොත්තු වුවද සමාජයේ ධනවත් පුද්ගලයින්ගේ හා අමාත්‍යවරයාගේ හිතවතුන්ගේ ළමයින් ජාතික පාසල්තුලට ඇතුලත් කර ඇති බව අප විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු විය.
අධ්‍යාපන ඇමතිවරයා ජාතික පාසැල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම පිළිබදව දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී බණ දේශනා කලද සිදුවන්නේ වෙනත් දෙයක් බව නොදැනීම කණගාටුවට කරුණකි.මීට පෙරද මෙම අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිදට චෝදනා එල්ලවිය.
Saru Fm Media