ටෙක්නොලොජි ඇතුළෙ මාරු වෙන්න කලින් මේ ගැනත් හිතන්න – Saru News Media

0
20

ටෙක්නොලොජි කියන්නෙ දවසෙන් දවස අප්ඩේට් වෙන දෙයක්. අලුතෙන් දෙයක් මාකට් එකට ආවෙ නැත්තං ගත වෙන පැයක් ඇතුළෙ අලුත් අයිඩියා එකක්වත් මාකට් එකට එනව. සමාගමක් අලුතෙන් තාක්ෂණයක් එක්ක ෆෝන් එකක් නිකුත් කරලා ඒක වෙළඳපොලට එද්දි ඒ නිෂ්පාදනයේ අඩු පාඩුත් හදාගෙන තවත් සමාගමක් ඒ විදියෙම ෆෝන් එකක් වෙළඳපොලට නිකුත් කරනවා. ලාබයි කියලා හිතලා ගිය සතියෙ මාරු කරපු කනෙක්ෂන් එකට වඩා ලාබදායී කනෙක්ෂන් එකක් තවත් තරගකාරී සමාගමකින් මේ සතියෙ නිකුත් කරනවා. ලැප්ටොප්, ටීවී, වොෂින්මැෂින් ඇතුළු හැම දේටම මේ කතාව පොදුයි. ඒ නිසා ඔයා දැනට පාවිච්චි කරන තාක්ෂණයෙන් වෙනිං අප්ඩේටඩ් තාක්ෂණයකට ස්විච් වෙන්න කලින් අපි මේ කියන දේවල් ගැන හිතලා ඉන්න. 

 

මේක හොඳටම රිසර්ච් අවශ්‍ය වෙන සබ්ජෙක්ට් එකක්. ඇයි අපි එහෙම කියන්නෙ? ඒ හේතු ගොඩක් ඇතුව. පළවෙනි එක අලුත් තාක්ෂණයකට මාරු වෙද්දි ඒකට සහයෝගය දෙන අනිත් තාක්ෂණික සේවාවන් ගැන හොයන්න ඕන. ඒ වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි යූටියුබ් රිවීවුස් බලන එක. එහෙමත් නැත්තං වර්තමානයේ පාවිච්චි කරන සහ අනාගතයේ පාවිච්චි කරන්න බලාපොරොත්තුවන තාක්ෂණයේ කම්පැරිසන් එක බලන එක. මේවා බොහෝදුරට කරන්නෙ බටහිර රටවල යූටියුබර්ස්ලා නිසාත්, ලංකාවෙ මෙවුව කරන උන්දැලාගෙ සල්ලිවලට යටවිලි නිසා තාර බර ඇරලා ගන්න ඕන නිසාත්, තම තම නැණ පමණින් මේ දේවල් ගැන හිතන්න ඕන. ඒ නැතත් වෙබ් සයිට් වලින් ඩේටා කම්පැරිසන් එකක් කරලා හෝ අවුල් තැවුල් හිතින් දුරු කරගෙන අලුත් තාක්ෂණය අත්විඳින්න යන්න.

 

අපි ඉතිංතාක්ෂණය අලුතෙන් ආපු පලියට ඒ දේට මාරු වෙන්නෙ නැහැනෙ. අපිට ගාණත් අඩු වෙන්න එපැයි. ඔන්න ඉතිං ඔය විදියට ගාණ අඩු කරන්නනං බ්‍රෑන්ඩ් එක තරමක් අලුත් වෙන්න ඕන. මොකද ඉතිං ගණං අඩුවෙන්ම පටන්ගත්තු වන්ප්ලස් සමාගමත් එන්න එන්නම තමුන්ගෙ ගණං වැඩි කළානෙ. ඒ ගැන හිතලා අලුත් සමාගමක අලුත් නිෂ්පාදනයක් මිලදීගන්න පෙරාතුව ඒ සමාගම කොයිතරම් විශ්වාස තැබිය හැකිද? හදිස්සියෙවත් අවුල් ගියත් බැකප් ප්ලෑන් එකක් තියෙනවද? ලංකාවට පාට්ස් එනවද? ලංකාවෙ මේ වැඩ ගොඩ දාගන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනවද කියන ඒවත් හිතන්න. උදාහරණයකට මෙහෙම හිතමු. ඔයා අසූදාහකට ගත්තු ෆෝන් එක අවුරුද්දක් පාවිච්චි කරලා, ඒක හැටදාහකට ආයෙත් විකුණනවා. ඉන්පස්සෙ මාකට් එකේ එක්ලක්ෂ විසිදාහක් වෙන ස්මා​ට්ෆෝනයක තාක්ෂණයම අන්තර්ගත අලුත් සමාගමක ස්මාට්ෆෝනයක් රුපියල් හැටදාහකට මිලදීගන්නවා. නමුත් මාස හයක් ඒ ස්මාට්ෆෝනය පාවිච්චි කරලා ඔයාට රුපියල් හතලිස්දාහකටවත් විකුණගන්න බැරි වේවි. අන්න එතනටයි බ්‍රෑන්ඩ් එක බලපාන්නෙ. ඒ දේවල්වලට මුහුණ දෙන්න බලාගෙන අලුත් සමාගම්වල නිෂ්පාදනවලට අතගහන්න.

 

අවුරුදු තුනකට කලින් ගත්තු ලැප්ටොප් එක දැන් පරණ වෙලා කියල තේරෙනව. දැන් තාක්ෂණය අතිශය ඉදිරියට ගිහින්. එහෙම තත්ත්වෙකදි දැන් තියෙන ලැප්ටොප් එක විකුණලා අලුත් එකකට යන්න ප්ලෑන් කරනව නං ඒ ස්විච් කිරිල්ල අපි හිතන්නම ඕන දෙයක්. ෆෝන් එකක් අතගාලා බලනව තරං ඉක්මනට ලැප්ටොප් එකක වැඩ අල්ලගන්න බෑ. ඒ නිසා ඒ ගැන හොඳටම හොයන්න. බැක්පැක් එකේ දාන්න ඉඩ තියෙනවද? ඕවර් හීට් වෙනවද? යූඑස්බී පෝට්ස් කීයක් තියෙනවද? බර? මේ වගේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න සහ ඔබ මින් පෙර පාවිච්චි කරපු නිෂ්පාදනයට වඩා වෙනස් වෙන්නෙ කොතනින්ද කියන දේ හිතන්න. සමහර නිෂ්පාදනවල කී බෝඩ් වෙනස්. ඔබට එය අවුලක් විදියට නොදැනුනත් එය ඔබේ කාර්යක්ෂමතාවයට බලපාන කාරණයක් වෙන්නට පුළුවන්.

 

දැන් දැන් ස්මාට්ෆෝනය මූලිකව මිනිස්සුන්ට තාක්ෂණයෙන් තියෙන බොහෝ අවශ්‍යතා නිම කරන තැනට ඇවිත්. දැන් සමාගම්වලට හිතන්න තියෙන්නෙ රෝල් කරගෙන හෝ නමාගෙන යන ස්මාට්ෆෝන්, කැමරාවේ පුංචි සිදුර පවා තිරයේ ප්‍රයෝජනයට ගන්නා හැටි වගේ කුඩා දේවල්. ඒ මට්ටමට යද්දි මේ වෙද්දි තාක්ෂණයෙන් ඉහළ ස්මාට්ෆෝනයක සමාන්‍ය මිල රුපියල් ලක්ෂය ඉක්මවලා සෑහෙන කලක් වෙනවා. මේ යන්නෙ ලක්ෂ දෙකේ කාලෙ. නමන්නට පුළුවන් ගැලක්සි ෆෝල්ඩ් මිලවෙන්නෙ රුපියල්වලින් ලක්ෂ හතරකට කිට්ටු ගාණකට. ඒ අරුමය බ්‍රෑන්ඩ් එක නිසා තීරණය වෙන මට්ටමට ඇවිත්. ඒ නිසා දැන් ෆෝන් තෝරාගනිද්දි අපි උඩින් කියපු අලුත් සමාගම් කියන දේ ගැන හිතන්න. ඒ කොහොම වුනත් ස්මාට්ෆෝන් සම්බන්ධයෙන් මිනිස්සුන්ට අතේ හුරුව කියන දේ වැදගත්. ඒ නිසා ඇතුළෙ තියෙන තාක්ෂණයෙන් ස්විච් වෙන්න තියෙන උවමනාවට අමාරුවෙන් තාක්ෂණය පාවිච්චි නොකරන්නත් හිතට ගන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here