(නිමන්ති රණසිංහ)
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව ඇය සැකකාරියක ලෙස නම් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධ නියෝගය ලබන 6 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (23) තීරණය කළේය.
මෙම නියෝගය නිකුත් කිරීමට පෙර ඇගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ප්‍රශ්ණාවලියක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම තැනැත්තිය සිදුකර ඇත්තේ සංඥය වරදක් බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් තහවුරු වී ඇති බැවින් ඇය මෙම නඩුවේ සැකකාරියක් බවට පත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය. .
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
Saru Fm Media