දැන් ඔය ඩ්‍රෝන යානා තියෙනවනේ. ඩ්‍රෝන යානාවක් ගන්න අදහසක් එහෙම තියෙනවා නම්, එහෙම නැතිනම් ඩ්‍රෝන් එකක් ගන්න ආසාවක් තියෙනවා නම් ඒකට උදව්වක් විදියට මේ වෙනකොට වෙළඳපොළේ ගන්න තියෙන ඩ්‍රෝන යානා ගැන අපි කිවුවා මෑතකදී. ඒ ආටිකල් එක කියවනකොට ඕනම බ්‍රෝ කෙනෙක්ට, සිස් කෙනෙක්ට නිකම් ඩ්‍රෝන් එකක් ගන්න ඕන ඕන වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඩ්‍රෝන් එකක් ගන්නවා කියන්නේ මිඩ්-රේන්ජ් ෆෝන් එකක් ගන්නවා වගේ, ටැබ් එකක් ගන්නවා වගේ දෙයක් නෙවෙයි. දැන් ටිකක් ඩ්‍රෝන් වල ගණන් අඩු වෙලා තිබුණත්, තාමත් සාමාන්‍ය වෘත්තිය මට්ටමේ වැඩක් කරන්න පුළුවන් ඩ්‍රෝන් එකක් ලංකාවට එනකොට ලක්ෂ කීපයක් වෙලා. ඉතින් ඒ වගේ ගාණකට ලංකාවේ මනුස්සයෙක් ඩ්‍රෝනයක් මිලදී ගන්නවා නං, ඒකට හොඳ හේතු තියෙන්න ඕන.
ඉතින් එහෙමනම් ඇත්තටම ඩ්‍රෝන් එකක් ගන්න හේතු තියෙනවද කියල බලමුද?
ඇත්තටම අපි හොඳ වෘත්තිමය DSLR එකකින් හරි මිරර්ලස් කැමරාවකින් හරි ෆොටෝස් ගන්න ගමන් නම් ඉන්නේ, ඒකට ඩ්‍රෝන් කැමරාවකුත් එකතු වෙනවා කියන්නේ අපේ ෆොටෝ ඇල්බම් වල විප්ලවීය වෙනසක් සිද්ධ වෙනවා කියන එක තමයි. වීඩියෝග්‍රැෆි සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. ඇත්තටම ඩ්‍රෝන් එකක් තමන්ගේ ඡායාරූපකරණ/වීඩියෝකරණ උපාංග උපකරණ වලට එකතු කරගත්තු ගමන්, අපේ නිර්මාණශීලීත්වයත් එක්ක අපිට යන්න පුළුවන් දුර සෑහෙන්න වැඩි වෙනවා. නිකම්ම අහසේ ඉඳන් ගන්න ඡායාරූප හෝ වීඩියෝ වලට වඩා, අළුත්ම කෝණයන්, අළුත්ම හැඩතලයන් එක්ක ෆොටෝස් හෝ වීඩියෝස් ගන්න හැකියාව උදාවෙනවා. ඉතින් ෆන් එකට ෆොටෝස්, වීඩියෝස් ගත්තත්, වෘත්තිය මට්ටමෙන් ෆොටෝස් හෝ වීඩියෝස් ග්‍රහණය කරගත්තත්, ඒ ‘විප්ලවීය වෙනස’ කියන එක ෂුවර් කරන්න පුළුවන්.
උඩිනුත් කියපු විදියට වෘත්තිමය වශයෙන් ඡායාරූපකරණයේ හෝ වීඩියෝකරණයේ යෙදෙන කෙනෙක්ට, තමන්ගේ උපාංග අතරට ඩ්‍රෝන් යානාවකුත් එකතු කර ගැනීමෙන් තමන්ගේ බිස්නස් එකට හොඳ තල්ලුවක් ලබාගන්න පුළුවන්. ඒ කොහොමද? සරලයි. තමන්ගේ පෝට්ෆෝලියෝ එකට ඩ්‍රෝන් එකක් ආධාරයෙන් ලබාගත්තු නිර්මාණාත්මක ඡායාරූප/වීඩියෝ කිහිපයකුත් එකතු කරගත්තා නං, ක්ලයන්ට්ස්ලා ඒ විදියේ කොලිටි එකක වෙනස් ඡායාරූප/වීඩියෝ බලාපොරොත්තුවෙන් වැඩක් අපිටම භාරදෙන්න වැඩි හැකියාවක් තියෙනවා. ඇත්තටම උඩින් කියපු විදියට නිකම්ම අහසේ ඉඳන් ගන්න ඡායාරූප/වීඩියෝ වෙනුවට, තමන්ට තමන්ගේ ඡායාරූපකරණ/වීඩියෝකරණ ගේම් එකට වෙනස්ම මානයක් ඩ්‍රෝන් එකකින් එකතු කරන්න පුළුවන් කියලා ඔප්පු කරන්න පුළුවන් හපනෙක්ට ආයෙ වැඩ නම් නෑවිත් තියෙන්නේ නෑ!
දැන් ඩ්‍රෝන් එකක් ගත්තා කියලා අපිට හිතූ හිතූ විදියට, හිතූ හිතූ තැන්වල ඒක උඩ අරින්න නම් ලැබෙන්නෙ නෑ. ඒක හරි. හැබැයි අපි ට්‍රිප් එකක් යනකොට එහෙම ඕක පියාසර කරවලා අපිට ෆන් එකක් ගන්න බැහැ කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ. ආයෙ ට්‍රිප් එකේ ගෘප් ෆොටෝ එක අහසේ ඉඳන් ගන්න වගේම, ඕන නම් ට්‍රිප් එකේ වීඩියෝ දර්ශන ඉහළ ඉඳන් රූගත කරලා, කෙලින්ම යූටියුබ් එකට දාන්න වුණත් පුළුවන්. නිකමට හිතන්න, මිරිස්සේ තල්මස්සු බලන්න ගිහින් ඒක බෝට්ටුවේ ඉඳන් නැතුව ඉහළාකාශයේ ඉඳන් රූගත කරන්න පුළුවන් වුණොත්, ඒක කොයි තරම් ආකර්ෂණීය වීඩියෝවක් වෙයිද කියලා. මේ කොයි දේ කළත්, ෆන් එකත් උපරිමයි ඉතින්.
Saru Fm Media