saru fm media
Home දේශීය පුවත් ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා

ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා

0
195


(අංජුල මහික වීරරත්න)

ඩී.එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුවද සිංගප්පූරුව එය ක්‍රියාවට නැංවීමෙන් සංවර්ධිත රටක් බවට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩී.එස් සේනානායක 71වන ගුණ සමරු උත්සවයේ දී පැවසීය.

රාජ්‍ය අංශය ව්‍යාපාරික කටයුතුවල නියැලීම හේතුවෙන් මහවැලි වැනි ව්‍යාපෘති 100ක් සඳහා වෙන් කළ මුදල් අහිමි වූ බව ද ජනාධිපතිවරයා කීය.

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 71 වන ගුණ සමරු උලෙළ කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී අද (22) පැවැත්විණි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ,ගුණසමරු කමිටු සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහත්වරුන් ඩී .එස් සේනානායක පිළිරුවට මල් කළඹ තබා උපහාර දැක්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


Saru Fm Media

error: Alert: Content Copyright selection is disabled!!