saru fm media
Home දේශීය පුවත් ඩෙංගු පරීක්ෂණවලින් රෝගීන් හූරන් කෑ පෞද්: රෝහල් දඩකයි

ඩෙංගු පරීක්ෂණවලින් රෝගීන් හූරන් කෑ පෞද්: රෝහල් දඩකයි

0
100


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)       

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය  සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම මිල ඉක්මවා රෝගීන්ගෙන්   ගාස්තු අය කල කොළඹ අවට  පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8 කට එරෙහිව අධිකරණය මගින් රුපියල් ලක්ෂ 55 ක දඩයක් නියම කළ බව  පාරිභෝගික කටයුතු අධිකාරීයේ පාරිභෝගික කටයුතු හා තොරතුරු,  අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා තිබිණි

ඩෙංගු ඇන්ටිජන්  පරීක්ෂාව  නියමිත  මිල වන රුපියල් 1200  ඉක්මවා   රු.3000 ආසන්න වන තෙක් වැඩිපුර  විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබීම හා  පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා රුපියල් 400 නියමිත මිල ඉක්මවා රුපියල් 1000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන්   ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ 2186/17  දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කර තිබූ බව එම වැටලීම් වලදී අනාවරණය විය.              

අලුත්කඩේ සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් එකී දඩ මුදල් නියම කෙරිණි. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ සාන්ත නිරිඇල්ල  කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි  පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු  අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත  කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ  ජේෂ්ඨ විමර්ශන නිලධාරී  ඊ. යූ. රන්ජන  විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක,එස්. පී. පුංචිහේවා, අරවින්ද ශාලික,ධනුක ගුණරත්න, යසිත ඉෂාන් මහත්වරු වැටලීම්  සිදුකළහ.


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here