ඩේටින් ඇප් එකක් දාගෙන හිටියට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති කොල්ලන්ට විශේෂයි! – Saru News Media

0
26

දැන් කාලේ කෙල්ලො කොල්ලො සෙට් කරගන්න මග තොටේ, කඩපිලේ, පංසලේ, පල්ලියේ, බස් එකේ, කෝච්චියේ ඇහැට ඇහැ දෙන්නම ඕන නෑ. ඒවයිනුත් කෙල්ලො කොල්ලො සෙට් වුණත්, දැන් කාලේ සෑහෙන්න දුරට ඔන්ලයින් සීන් වලින් කෙල්ලො කොල්ලො සෙට් වෙනවා. ෆේස්බුක් ඒ අතරින් ප්‍රධානයි. හැබැයි ඒ ඇරෙන්න ඔය ඩේටින් ඇප්ස් එහෙමත් තියෙනවා කියන එක අමතක කරන්න එපා.

දැන් ඔය ඩේටින් ඇප්ස් සහ වෙබ්සයිට්ස් ගැන කිවුවොත්, ඒවා පාවිච්චි කරන කොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි කොයි තරම් සන්ග්ලාස් දාගෙන කාර් ඉස්සරහා ඉඳන් ෆොටෝ අරගෙන දැම්මත්, මළාට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති එක. මොන මගුලක්ද ඕයි, එතකොට මෙව්වෑ ඉන්න කෙල්ලෝ සෙට් වෙන්නේ මොක්කුන්ටද, එක්කෝ උන් ලෙස්බීයන් සීන් එකේද? ඔන්න ඕක තමයි ඔය ඩේටින් සේවා වල ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලෙක් සෙට් කරගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් වැඩේට බැස්සත්, මැස්සෙක්වත් සෙට් වෙන්නෙ නැති කොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඕක බොරු ප්‍රශ්නෙකුත් නෙවෙයි.

ආන්න ඒ නිසා අපි හිතුවා ඩේටින් සයිට් එකක, ඇප් එකක උපරිම ඵලදායීතාවය ලබාගන්න පුළුවන් කියලා කියන ටිප්ස් ටිකක් ෂෙයාර් කරගන්න කෙල්ලෙක්ව හොයන අපේ කොල්ලොත් එක්ක. ඒ එක්කම කියවලා එන්න Saru News Media එකෙන් අපි කලින් ඉදිරිපත් කරපු, ජනප්‍රිය OKCupid ඩේටින් සයිට් එකේ ගොඩයන්න ඉඩ තියෙන ක්‍රම සහ විධි ගැන ලියපු ආටිකල් එකත්!

 

මෙන්න මේක හිතලා බලන්න වෙන කාරණාවක්. ඒ කියන්නේ, දැන් අපි ඇප්ස්ටෝර් එකකට ගියත්, ගූග්ල් සර්ච් එකක් කළත් සෑහෙන්න ප්‍රමාණයක ඩේටින් සේවා සපයන්නෝ ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ ඩේටින් ඇප්ස් සහ ඩේටින් සයිට්ස් හැටහුටාමාරෙන් කීයක් ලංකාවේ ප්‍රචලිතද? ඒ කියන්නේ අපිට ඕකකින් කෙල්ලෙක් සෙට් කරගන්න නම් ඉතින් ඕවල ලංකාවේ කෙල්ලො ඉන්න එපැයි. දෙන්නෙක්, තුන්දෙනෙක්, දහදෙනෙක් හිටියට වැඩක් නෑ. ප්‍රමාණවත් තරමක් ඉන්න ඕන. ආන්න ඒ නිසා එක ඇප් එකකට වෙලා ඉන්න එපා. ඒ ඇප් එකේ තමන් අවට ප්‍රමාණවත් අය නෑ කියලා තේරෙනවා නම් වෙන ඇප් එකකට හරි වෙන ඩේටින් සයිට් එකකට යන්න.

 

ඔව්, මේ කතන්දරේ අදාළ වෙන්නේ දවසෙන් කෙල්ලෙක් සෙට් කරගන්න එන හදිසිකාරයන්ට. නිකමට හිතපන්කෝ, කෙල්ලෙක් දවසින් ෆේස්බුක් රික්වෙස්ට් එකක්වත් ඇක්සෙප්ට් කරනවා දැකලා තියේද? එහෙමනං කොහොමද ඕයි දවසෙන් ඩේටින් ඇප් එකකින් කෙල්ලෙක් සෙට් කරගන්නේ? ආන්න ඒ නිසා පොඩ්ඩක් ඉවසිල්ලෙන්, එහෙට මෙහෙට මැසේජ් එකක් දෙකක් දාලා, ඇක්ටිව් ඉඳලා බලන්න ඕන. කට්ටක් තමයි. හැබැයි මේක ෆන් එකක් විදියට ගත්තොත් අවුලක් ඇත්තෙම නෑ. 

 

මේක වැදගත් කාරණයක්. අපි OKCupid ගැන කියපු ආටිකල් එකෙත් සඳහන් කලා හොඳට මූණ පේන ෆොටෝස් දාන්න කියලා. හැබැයි දැන් කියන්න යන්නේ ඇත්තටම තමන්ගේ ඩේටින් පෝට්ෆෝලියෝ එකට ටිකක් ඊට වඩා කාලය හා ශ්‍රමය ආයෝජනය කරන්න කියන කාරණය. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය කෙල්ලෝ ෆොටෝෂූට් කරන්නේ. ඉතින් කොල්ලෝත් එහෙම යාලුවෙක්ව අල්ලගෙන ෆොටෝෂූට් එකක් කරන එක පාඩුවක් නෑ. ඒ කියන්නේ ඉන්න ඇඳුමෙන්ම සෙල්ෆියක් ගන්නවට වඩා, හොඳ ෆැෂනබල් ඇඳුමක් දෙකක් සිලෙක්ට් කරගෙන, හොඳ ලොකේෂන් එකක් බලලා, හොඳ පෝස් කීපයකින් ෆොටෝ කීපයක් ගන්න එක පාඩුවක් නෙවෙයි. වෙලාව යයි. සල්ලිත් සමහර වෙලාවට යයි. හැබැයි වටිනවා. දැන් ඔය ෆොටෝස් වලින් සෙට් එකක් තෝරලා ඩේටින් ප්‍රොෆයිල් එකට දාලා බලමු.

 

ගොඩක් වෙලාවට ගොඩක් කොල්ලෝ සිරිමත් කැරැක්ටර්ස් ප්ලේ කරන්න උත්සාහ කරනවා ඩේටින් ඇප් එකක කෙල්ලෙක්ගෙන් පොඩි හායි එකක් ආවට පස්සේ. කෙලින්ම ෆ්ලර්ට් කරන්න යන්නෙ නෑ. ඔහේ වටේ යනවා. “අපි දෙන්නා කවදාහරි හොඳම යාලුවෝ වෙයි නේද?” වගේ එව්වා තමයි අහන්නේ. ඕයි, ඩේටින් සයිට් එකකට ආවේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්නද? ඩේටින් සයිට් එකකට ඇවිත් කෙල්ලෙක් එක්ක කතා කරන්න සෙට් වුණහම ඔය වගේ වුවමනාවෙන්ම ෆ්‍රෙන්ඩ් සෝන් වෙලා, ඊට පස්සේ මට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ කියලා නාහෙන් අඬලා වැඩක් නෑ. ඒ නිසා කෙලින්ම ෆ්ලර්ට් ගේම් එකට බහින්න. තමන් මෙතනට ඇවිත් ඉන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න තමයි කියන එක පිළිගන්න හෝ කියන්න මැළි නොවෙන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here