(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අනුමත වීම ගැන ආණ්ඩුවේ සමහර අය පුරසාරම් දොඩන බව කී හේරත් මහතා හම්බන්තොට වරාය විකිණූ වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා චෙක් පත අරගෙන පෙන්වා උදම් ඇනූ බව සඳහන් කළේය.
ඒ වගේම මූල්‍ය අරමුදලේ ණය ගැනත් උදම් අනන බව කී හේරත් මහතා රට බංකොලොත් කර අසීමාන්තිකව ණය ගන්න සිදුවීම ගැන ආර්ථිකය බාර වී සිටි අය ලැජ්ජා විය යුතු යැයි කීය.
බදු බර වැඩි කර රාජ්‍ය ආයතන විකුණා ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කරුවෙක් වී තිබෙන බවද මෙය තාවකාලික පැලැස්තරයක් වුණත් තවත් ණය උගුලට හිරවීමක් පමණක් බව කීය.
නිෂ්පාදන ආර්ථිකයේ ඉහළ යාමක් වී නැතැයි ද ඇත්තටම විය යුත්තේ ආඩම්බර වීමක් නොව ලැජ්ජා වීමක් බව විජිත හේරත් මහතා සඳහන් කළේය.
Saru Fm Media