දැන් ඔය සංචාරය කරනවා කියන්නේ මොකක්ද හැබෑටම? සරලවම කියනවා නම්, එක තැනක ඉඳන් තව තැනකට ගිහින්, ඒ ගමන එන්ජෝයි කරන එකට සංචාරය කියලා කියන්න පුලුවන්. සරලව කිව්වොත්, ඔය ට්‍රිප් යනවා කියන්නෙ? ඒකත් සංචාරයම තමයි. කොහොම වුණත්, ඔය සංචාරය කරන්න පුලුවන් විවිධ ක්‍රම තියෙනවා. එක්කෝ ගමේ ආච්චිලා සීයලා හැමෝම සෙට් කරගෙන වන්දනා ගමනක් විදියට යන්න පුලුවන්. ඉස්කෝලේ ළමයි ටික සෙට් වෙලා අධ්‍යාපන චාරිකාවක් වගේ යන්න පුලුවන්. නැත්නම් යාලුවෝ සෙට් එකත් එක්ක ට්‍රිපක් යන්න පුලුවන්, ගෙදර අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා එක්ක පවුලේ විනෝද චාරිකාවක් යන්න පුලුවන්. නැතිනම් තමන්ට මෙව්ව එකක් තියෙන, එහෙම නැතිනම් පිළිබඳ හිතක් තියෙන එයාවත් සෙට් කරගෙන, දෙන්නත් එක්ක සංචාරයක් යන්න පුලුවන්. ඔය එකක්වත් නැතිනම්, තමන්ට තනියෙන් ට්‍රිප් එකක් යන්නත් පුලුවන්!
දැන් ඔය තනියෙන් ට්‍රිප් යන එක, ඒ කිව්වේ තනියෙන් ට්‍රැවල් කරන එක, සංචාරයක යෙදෙන එක කොයි තරම් ආතල්ද? ඒකට ඉතින් එක එක කෙනා විවිධ පිළිතුරු දෙයි, තමන්ගේ කැමැත්තේ හැටියට. හැබැයි, තනියෙන් සංචාරය කරන එකේ සෑහෙන්න වාසි තියෙනවා කියන එක නම් අපිට පිළිගන්නම වෙනවා. ඉතින් අපි මුලින් තනියෙන් ට්‍රැවල් කරන එකේ තියෙන වාසි ටික කියලා ඉන්නං. ඊට පස්සේ ඔයාලම තීරණය කරන්න ඊලඟ ට්‍රිප් එක කොහොමද යන්නේ කියලා!
තනියෙන් ට්‍රැවල් කරනකොට තියෙන ප්‍රධාන වාසියක් තමයි, තමන්ට ඕන විදියට ට්‍රැවල් කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ, සෙට් එකක් යනකොට වුණත්, අඩු තරමින් දෙන්නෙක් ට්‍රැවල් කරනකොට වුණත් හිතුමනාපේ තීරණ ගන්න බෑ. හැබැයි තනියෙන් නම් යන්නේ, කොහෙද නවතින්නේ, කීයටද රෑට කන්නේ, හෙට කීයටද නැගිටින්නේ, කොහේ බලන්නද යන්නේ, බස් එකේද කෝච්චියේද යන්නේ වගේ කිසිම දෙයක් ගැන තව කෙනෙක්ගෙන් ඔපීනියන් ගන්න දෙයක් නෑ. තමන්ට ඕන දේ, හොඳම විදිය මොකක්ද කියලා බලලා, තමන්ම තීරණය කළා, ඒ තීරණය ක්‍රියාත්මක කළා, එච්චරයි.
ඇත්තටම මෙහෙම තමන්ට යන එන තැන් වල ඉඳලා ට්‍රිප් එකේ හැමදෙයක් ගැනම තීරණය කරන්න තියෙන එක කොයි තරම් හොඳද කියලා හිතෙන්න නම්, සෙට් එකත් එක්කම ට්‍රිප් එකක් යන්න සෙට් වෙන්න ඕන. ආයෙ ඉතින් දවල්ට කන්නේ කොහෙන්ද කියලා, සෙට් එකේ හැමෝගෙන්ම අහලා, විකල්ප වලට මනාපේ පළ කරලා, වැඩිම මනාපය මොකකටද කියලා බලලා තීරණය කරන්නම දවස් දෙකක් විතර යනවා.
දැන් හිතන්න අපි සෙට් එකක් එක්ක හරි, අඩු ගාණේ දෙන්නෙක් සෙට් වෙලා හරි ට්‍රිප් එකක් යනකොට, අපේ අවධානය සියේට සීයක්ම බාහිර ලෝකයට ලැබෙන්නෙ නැහැනේ. ඒ කියන්නේ, අවට බලන්න, ට්‍රිප් එක එන්ජෝයි කරන්න යම් අවධානයක් යොමු වෙනවා තමයි. හැබැයි ඊට එහා ලොකුවට බාහිර ලෝකයට අවධානය යොමු කරන්න අමාරුයි. මොකද, අපිත් එක්ක යන අනික් සෙට් එකට හරි එක්කෙනාට හරිත් අවධානය දෙන්න ඕන. හැබැයි තනියම යනකොට එහෙම සීන් නැහැනේ. සෑහෙන්න බාහිර ලෝකයට අවධානය දෙන්න පුලුවන්. ඒ කියන්නේ වටාපිටාවේ ඉන්න, අළුතෙන් අඳුනගන්න මිනිස්සුන්ටත් අවධානය දෙන්න පුලුවන්. නිකමට හිතන්න, දුර පැත්තක තනියෙන් ට්‍රිප් එකක් යනකොට හම්බුවෙන තේ කඩේක මුදලාලි කෙනෙක් එක්ක කයියක් ගහන්න, ඒ පැත්තෙම ට්‍රිප් එකක් ආපු තව ඩයල් එකක් එක්ක සුහද කතාබහක යෙදෙන්න, පාරෙදි නැතිනම් බස් එකේදී හම්බුවෙන ඒ පැත්තේ කෙනෙක් එක්ක පොඩි සංවාදයක යෙදෙන්න පුලුවන්ද ඩබල් දාලා හරි සෙට් දාලා හරි ආපු ට්‍රිප් එකක? බෑනේ. අන්න ඒකයි.
මේක සරල කාරණයක්. දෙන්නෙක් ට්‍රිප් එකක් ගියොත් අයිස්ක්‍රීම් දෙකක් ගන්නවනේ. ගොඩක් වෙලාවට ඒකට ගෙවන්නෙ එක්කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් පස් දෙනෙක් ට්‍රිප් එකක් ගියොත් අයිස්ක්‍රීම් පහක් ගත්තත්, පස් දෙනාම ගොඩක් දුරට ෂෙයාර් කරයි. එතකොට තනියෙන් ගියත් එකම ගාණ, සෙට් වෙලා ගියත් එකම ගාණ කියලා හිතෙනවා නේද? හැබැයි ඔතන තව කාරණයක් තියෙනවා. දැන් තනියෙන් ට්‍රිප් එකක් යනකොට, තමන්ගේ අතේ තියෙන ගාණ, තමන්ගේ බජට් එක අනුව ගණන් බලලා, වියදම් කරන්න පුලුවන්. හැබැයි කීපදෙනෙක් ට්‍රිප් එකක් යනකොට එහෙම බෑ. සමහර විට අපි තනියෙන් ගිහින් විශ්‍රාම ශාලාවක රෑ නවතින්න ඕකේ වුණත්, සෙට් එකක් යනකොට දෙන්නෙක්වත් ඉන්න පුලුවන් හොටෙල් එකක ඉන්න ඕන කියන. එතකොට කන බොන එකේදී වුණත්, තමන්ට තමන්ගේ බජට් එකේ හැටියට වියදම් කරන්න පුලුවන් ඉඩ අඩුයි. ආන්න ඒකයි අපි කියන්නේ, ප්‍රායෝගිකව තනියෙන් ට්‍රිප් එකක් යනකොට පොකට් එකට වාසියි කියලා!
මේක ඉතින් ගොඩක් අය පිළිගන්නෙ නැති කාරණාවක්. මෙතන අපි නිදහස කියලා කියන්නේ, සෙට් එකක් එක්ක ඉන්නකොට ගොඩක් වෙලාවට අපි කරන්නෙ නැති, හැබැයි තනියෙන් ඉන්නකොට කරල බලන්න අවුලක් නෑ කියල හිතෙන දේවල් වලට. උදාහරණයක් විදියට කිව්වොත්, සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් ගියපු වෙලාවට සාමාන්‍යයෙන් අපිට ඔය ට්‍රිප් ආපු කෙල්ලෙක් ලයින් වගේ දැනුණත්, ඒක සීරියස්, ජෙනුයින් විදියට ටෝක් කරගන්න බෑනේ. සෙට් එකට දැනුණොත් ඉතින් යනකල් බයිට් තමයි. එතකොට විශේෂයෙන්ම ඔය කෙල්ලෙක් හරි කොල්ලෙක් එක්ක හරි, ඒ කියන්නේ විරුද්ධ ලිංගික පාර්ශවයේ එක්කෙනෙක් එක්ක ට්‍රිප් එකක් ආවොත් මලාට ආයෙ ලස්සන කොල්ලෙක් හෝ කෙල්ලෙක් දිහා ගොඩක් දුරට බලන්නවත් ලැබෙන්නෙ නෑ. හැබැයි ඉතින් තනියෙන් ට්‍රිප් එකක් එනව කියන්නෙ ආයෙ කාගෙ බාධාවක්ද!
මේක ටිකක් වෙන්න බැරි කාරණාවක් වගේ හිතෙනව නේද? මෙහෙමයි. දැන් ඔයා කොළඹ ඩයල් එකක්, නුවර ට්‍රිප් එකක් යනව කියල හිතන්න එපා. හිතන්න ඔයා කොළඹ, හැබැයි මඩකලපුවේ ට්‍රිප් එකක් යනව කියලා. දැන් සෙට් එකක් එක්ක ට්‍රිප් එක යනවා නම්, ගොඩක් දුරට කතාබහ ඇතිවෙන්නේ සෙට් එක අතරේ තමයි. හැබැයි තනියෙන් ට්‍රිප් එක ගියොත්, අවට ඉන්න අය, ඒ පළාතේ මිනිස්සු එක්ක එහෙම පොඩි චැටක් දාන්න සෑහෙන්න වැඩි ඉඩක් තියෙනවා. අර දෙවෙනි පොයින්ට් එකේදී කියපු දේ තමයි. දැන් සිංහල විතරක් කතා කරන කෙනෙක්ට, දෙමළ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්න, ඒ වගේ චාන්ස් එකක් සෑහෙන්න වටිනවා. හැබැයි ඉතින් සෙට් පිටින් ට්‍රිප් ගියහම එහෙම පළාතේ මිනිස්සුත් එක්ක කතා කරන්න ලැබෙන්නෙ නෑ කියන එක අපිට පිළිගන්න වෙනවා.
Saru Fm Media