තමන්ගේ ආදරවන්තයාට/ආදරවන්තියට තෑගි දෙන්න, හොඳ වර්ගයේ පර්ෆියුම් එකක් මෙතනින් තෝරගන්න – Saru News Media

0
14

දැන් ඔය ලව් කරන කාලෙට තෑගි කියන වචනේ ආයෙ ආත්මීයවම තමයි බැඳිලා තියෙන්නේ, හා නැද්ද? තමන්ගේ ලව් එක තමන්ට තෑග්ගක් දෙනකොට හිත උද්දාමයට පත් වෙලා මල් පිපෙනවා වගේම තමයි, තමන් ලව් එකට දෙන්න තෑග්ගක් තෝරනකොටත්, තෑග්ග දෙනකොට ලව් එකේ මූණ දැක්කහම වුණත් ආයෙ මාසයක් නොකා හිටියැහැකි. නියම ලව් එකක් වැඩ කරනකොට එහෙම වෙනවා කියලා තමයි පුරාණේ ඉරිසින්නාන්සෙලා කියලා තියෙන්නේ. හරි, දැන් මේ වැලන්ටයින් මාසෙනේ. ආන්න ඒ නිසා අපි තීරණය කළා තමන්ගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට තෑග්ගක් දෙන්න හිතන අයට පොඩි උදවුවක් කරන්න. මොකෝ කියන්නේ පර්ෆියුම් එකක්, ඒ කියන්නේ සුවඳ විලවුන් එකක් තෑගි දුන්නොත්? හොඳ වර්ගෙක එකක්?

 

අපි මීට කලිනුත් Saru News Media එකෙන් කතා කරලා තියෙනවා කෙල්ලෙක්ට කොල්ලෙක්ට හොඳ පර්ෆියුම් එකක් තෝරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඒ වගේම හොඳ පර්ෆියුම් එකක් ගන්න තියෙන කොලිටි තැන් ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් අද කියන්න යන්නේ කොල්ලට හරි කෙල්ලට හරි දෙන්න ගන්න පුළුවන් හොඳ, ලෝකෙම ප්‍රසිද්ධ පර්ෆියුම් වර්ග කීපයක් ගැන. ගණන් පොඩ්ඩක් වැඩි වුනත් කොලිටි තෑග්ගක්නේ!

 

 

 

මේක Spicy සෙන්ට් ෆැමිලි එකේ පර්ෆියුම් එකක්. නවීන පන්නෙට ගැලපෙන කෙනෙක්ට මහාත්මයෙක්ට තමයි ගැලපෙන්නේ. මේක පෙරදිග වයිබ් එකක් තියෙන, සරාගී හැඟීමක් ඇති කරන පර්ෆියුම් එකක් කියන එක වැරදි නෑ. මිල ගණන් බැලුවොත් මේකෙ මිලි ලීටර් 50 බෝතලේ රුපියල් 23,000- 25,000 අතරත්, මිලි ලීටර් 100 බෝතලේ රුපියල් 32,000 – 35,000 අතරත් වගේ මිලක් වෙනවා.

 

Woody/Floral සෙන්ට් ෆැමිලි එකේ පර්ෆියුම් එකක් වෙන මේ Dior Sauvage එක හොඳ බැලන්ස් එකක් ඕනම පිරිමියෙක්ට ලබාදෙනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ අර පුරුෂයෙක්ගේ තියෙන රළු ගතියත් එක්කම ගැහැණියකගේ තියෙන ලාලිත ශිෂ්ට ගතියත් හොඳ සමබරතාවයකින් යුතුව මේ පර්ෆියුම් එකෙන් ඉදිරිපත් වෙනවාලු. මේකෙත් මිලි ලීටර් 100 බෝතලයක් රුපියල් 30,000කට අඩුවෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

 

මේකත් Spicy සෙන්ට් ෆැමිලි එකේ බොහොම ජනප්‍රිය පර්ෆියුම් එකක්. බොට්ල් එක ලොකු ලස්සනක් නැතත් ඒකේ වටිනා පෙනුමක් තියෙන්නේ. විශේෂයෙන්ම මේක Spicy, Wooden සුවඳක් එක්ක, හොඳ පිරිමි කමක් ඉස්මතු කරනවා. මේ පර්ෆියුම් එකත් සාමාන්‍යයෙන් මිලි ලීටර් 100 බෝතලයක් රුපියල් 16,000කට ආසන්න මිලකට මිලදීගන්න පුළුවන්කම තියනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here