තමන්ට ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයාගන්නෙ මෙහෙමයි! – Saru News Media

0
5

මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා. මොකක්ද ඇත්තටම මනුස්සයෙක්ගේ ඇටිටියුඩ් එක කියන්නේ? කවුරුහරි මනුස්සයෙක්ගේ හැසිරීමට, විදියට බලපෑම් කරන්න පුලුවන් විදියේ හිතන පතන විදියක් හෝ දැනෙන විදියක් තමයි ඇටිටියුඩ් එක කියලා හඳුන්වන්නේ. ඒක අපිට ආකල්පයක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ ගැන අපි කලිනුත් කතා කලා, අපේ ඇටිටියුඩ් වල ප්‍රශ්නයක් තියෙනවා නම්, හරි ඇටිටියුඩ් හදාගන්න ප්‍රයෝජනවත් වෙන ටිප්ස් ගැන. ඒකෙන් පොදුවේ මනුස්සයෙක්ට හොඳ ඇටිටියුඩ් එකක් හදාගන්න හැටි, ඒකට අනුගමනය කරන්න ඕන දේවල් ගැන අපි කතා කරලා තියෙනවා. හැබැයි ඒ විතරක් මදි. අපි දැනගන්න ඕන අපි ඇතුළේ නරක ඇටිටියුඩ් තියෙනවා නම්, ඒ ඇටිටියුඩ් නැති කරගන්නේ කොහොමද කියන එක ගැනත්. ඇත්තටම හොඳ ඇටිටියුඩ් ඇති කරගන්න කලින්, එහෙම නැතිනම් හොඳ ඇටිටියුඩ් ඇති කරගන්න උත්සාහ ගන්න අතරෙම අපි අවධානය යොමු කරන්න ඕන කාරණාව තමයි අපි ඇතුළේ තියෙන නරක ඇටිටියුඩ් නැති කරගන්නේ කොහොමද කියන එක.

 

ආන්න ඒ නිසා, අපි හිතුවා, කලින් ඇටිටියුඩ් හදාගන්න ලියපු ආටිකල් එකටත් ගාණට සෙට් වෙන විදියට, අපේ තියෙන නරක ඇටිටියුඩ් නැති කරගන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක් ගැනත් ආටිකල් එකක් කරන්න. එහෙමනම් කියවගෙන යමු. කියවලා බලමු, මේ නරක ඇටිටියුඩ් නැතිනම් ආකල්ප අපේ ඇතුළෙත් තියෙනවා නම්, එව්වා නැති කරගන්න පුලුවන් වෙයිද කියලා!

 

ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන නරක ආකල්පයක් තමයි කොයි වෙලෙත් බෑහ්, නෑහ්, වෙන්නෙ නෑහ් ගා ගත්තු ගමන් ඉන්න එක. ඕකට කියන්න පුලුවන් සෘණාත්මක වීම කියලා. සාමාන්‍යයෙන් ඔය විදියේ නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙන මනුස්සයෙක් වුණහම වෙන්නේ, තමන්ගේ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැතිවෙන එක. ජීවිතේ ඔහේ ගලාගෙන යනවාට යනවා. හැබැයි සංවර්ධනයක්, සාර්ථකත්වයක් නෑ. ඒ විතරක් නෙවෙයි, අපිට ඔය හැම වෙලේම නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙනකොට, ඒක අපි වටේ ඉන්න අයටත් නරකට බලපානවා. නෙගටිව් වීම කියන්නේ ඇත්තටම බෝ වෙන රෝගයක් වගේ. දැන් අපි ඔහොම ආකල්පෙකින් ඉන්නකොට අපිට කිසිම දේක හොඳක් දකින්න බෑ. නරකමයි පේන්නේ. දේක නරක දකින එකේ වැරැද්දක් නෑ, ඒකෙන් අපිට ප්‍රවේසම්කාරී තීරණ ගන්න පුලුවන්. හැබැයි ඒක උපාය මාර්ගික දෙයක් මිසක් ආකල්පයක් වුණහම තමයි ඔය නෙගටිව් ගතිය එන්නේ. අන්න ඒක අවුල්. 

 

මේ නෙගටිව් ඇටිටියුඩ් එක හදාගන්න හොඳම ක්‍රමයක් තමයි, ධනාත්මකව හිතන මිනිස්සුන්ව ඇසුරු කරන එක.

 

දැන් ඔන්න අපි මනුස්සයෙක් දෙයක් කරන දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව ඒක කරන විදියට නැතුව ඒ මනුස්සයා වඩාත් සාර්ථක, ලෙහෙසි විදියකට කරනවා. අන්න එතකොට අපි උපකල්පනය කරනවා මේ මනුස්සයා වැඩේ කරන විදිය වැරදියි කියලා. ඔන්න තව උදාහරණයක් ගමු. අපි දකිනවා පාරේ යන මනුස්සයෙක් නිකම් ටී ෂර්ට් එකක් දාගෙන, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනවා. අන්න එතකොට අපි උපකල්පනය කරනවා මේ මනුස්සයා වැදගැම්මකට නැති කෙනෙක් කියලා. සමහර වෙලාවට අපි ඒ කෙනාව පහත් කරලා සලකනවා. ඔන්න ඕවා තමයි එදිනෙදා අපිට දකින්න ලැබෙන මිනිස්සු තවත් මිනිස්සු ගැන කරන සරල උපකල්පන. ඇත්තටම මීට වඩා සංකීර්ණව අපි තවත් මිනිස්සු ගැන උපකල්පනයන් කරනවා. එහෙම කරන සෘණාත්මක උපකල්පන නිසා ගොඩක් වෙලාවට අපි අතින් මිනිස්සුන්ව කොන් කෙරෙනවා, පහත් විදියට සැලකෙනවා. ආන්න ඒක තමයි අපි දේවල් හරි හැටි නොදැන උපකල්පනයන් කරන එකේ ගැටළුව.  

 

මේ බෑඩ් ඇටිටියුඩ් එක නැති කරගන්න හොඳම ක්‍රමය තමයි, මිනිස්සු හැම කෙනෙක්ටම, සමානව සලකන එක. කිසිම කෙනෙක්ව පූර්ව විනිශ්චය නොකරන පුරුද්දක් ඇති කරගන්න එක.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here