තමන්ට වඩා සෑහෙන්න බාල තරුණියක් සමගින් ආදරේ කරනවා නම්, මේ කරුණු මතක තියාගන්න! – Saru News Media

0
9

ඔය ආදර කතන්දර සාමාන්‍යයෙන් කැරකෙන්නේ දුප්පත් කොල්ලා, පෝසත් කෙල්ල, පෝසත් කොල්ලා, දුප්පත් කෙල්ල වගේ ප්ලොට් වටේනේ. හැබැයි ඉතින් වයසින් වැඩි කොල්ලා/අංකල් සහ වයසින් අඩු කෙල්ල වගේ ලව් කතාත් අපිට කණින් කොණින් අහන්න ලැබෙනවා. මේ කතන්දර වලින් සමහර එව්වා නං අර ගෝල්ඩ් ඩිගර්ස් කියන තාලේ කෙල්ලෝ සල්ලි වලට තියෙන ආදරේට නාකි අංකල්ලා එක්ක සෙට් වෙන ඒවා. හැබැයි එහෙම භෞතික අරමුණු නැති බොහොම සුන්දර ආදර කතාත් වයස් පරතරයත් තිබුණත් අහන්න ලැබෙනවා. කොහොම වුනත් අද අපි කථා කරන්නේ වයසින් අවුරුදු විස්සක් තිහක් පරතරයක් තියෙන ආදර කතන්දර ගැන නෙවෙයි. ඔය අවුරුදු දහයක්, දොළහක්, පහළොවක් වගේ වයස් පරතරයක් එක්ක වයසින් වැඩිමහලු කොල්ලෙක් තමන්ට වඩා බාල කෙල්ලෙක් එක්ක ආදරේ කරනකොට හිතට ගන්න ඕන, සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ගැන තමයි අපි මේ කියන්නේ!

 

අපිට වඩා වයසින් සෑහෙන අඩු කෙල්ලෙක් ඇයි අපිට ආදරේ කරන්නේ? ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. පරිණත මනුස්සයෙක්ව ඩේට් කරන්න තියෙන වුවමනාවත් එතනින් ප්‍රධාන එකක් වෙන්න ඕන. එහෙම නැතිනම් තමන්ට වඩා සෑහෙන වැඩිමහළු මනුස්සයෙක්ට හිත යන්නෙ නැහැනේ. හැබැයි කෙල්ල වයසින් තමන්ට වඩා සෑහෙන්න බාලයි කියන කාරණාව මුල් කරගෙන තමන්ගේ පරිණත වයසට නොතරම් විදියට බබා වෙන්න යන එක හෝ අනවශ්‍ය විදියට කොල්ලා වෙන්න යන එක කැතයි. ඒකෙන් ඔය ආදරේ එහෙම්මම නැතිවෙලා යන්නත් පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, වයස විස්සේ විසි දෙකේ කොල්ලෝ පාවිච්චි කරන භාෂාව, අඳින පළඳින ඇඳුම් වයස තිස් පහක කොල්ලෙක්ට ගැලපෙන්නෙ නෑ. වයස තිස්පහක කොල්ලෙක් ඊට වඩා සෑහෙන්න ක්ලැසික් වෙන්න ඕන. 

 

මේක වයසින් බාල කෙනෙක්ව ඩේට් කළත්, වැඩිමහළු කෙනෙක්ව ඩේට් කළත් අනිවාර්‍ය කතාවක්. තමන්ගේ ශාරීරික සුවතාවය අතින් වයසට නොයෑම. දැකලා තියෙනවද වයස තිස්පහක්, හතළිහක් වෙලත් කොල්ලො වගේ ඉන්න පරිණත මිනිස්සු? ඒ වගේ මිනිස්සුන්ට වයස් භේදයක් නැතුව ආකර්ෂණය ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම වයසින් බාල කෙල්ලෙක්ව ඩේට් කරනකොට, තමන් දෙන්නා අතර පෙනුමේ පරතරයක් පේන එක අඩු කරන එක වටිනවා. ඒ නිසාම නියම විදියට පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය කරන එක, ජිම් එකට යන එක, මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්න එකත් මෙතනදී අත්‍යාවශ්‍ය වෙනවා.

 

සමහර වෙලාවට වයසින් වැඩිමහළු පෙම්වතෙක් තමන් වයසින් ලාබාල පෙම්වතියක් එක්ක පටන් ගන්න සම්බන්ධය සීරියස් ගන්නවා අඩුයි. ඒ වෙනුවට එතන සෙක්ස් මූලික කරගත්තු සම්බන්ධයක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම ආකල්පයක් එක්ක කොහොමටවත් ආදර සම්බන්ධතාවයක් ගැඹුරට ගෙනියන්න බැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. තමන් මේ සම්බන්ධයෙන් සීරියස් නැහැයි කියලා පෙම්වතියට තේරුණොත්, කොයි තරම් එයා ඔයාට ආදරේ වුනත් ඒ ආදරේට ආයුෂ තියන එකක් නෑ. සමහර වෙලාවට තමන් ඒ ගැන සීරියස් ගන්නකොටත් පරක්කු වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ගේ ලාබාල කෙල්ලට පෙම්වතිය විදියට සලකනවා මිසක්, තමන් එක්ක ඇඳට යන තව එක කෙල්ලෙක් විදියට සලකන්න එපා. 

 

වයසින් වැඩිමහළු පෙම්වත්තු ගොඩක් වෙලාවට කරන වැරැද්දක් තමයි මේක. තමන්ගේ ලාබාල පෙම්වතියව බබා කරන්න යන එක. සාමාන්‍යයෙන් ඕනෑම වයසක කාන්තාවක් කැමතියි තමන්ගේ පිරිමියා එක්ක පොඩ්ඩක් හුරතල් වෙන්න. සමහර කාන්තාවෝ කැමතියි තමන්ගේ පිරිමියා තීරණ ගන්නවට, තමන්ව චුට්ටක් පාලනය කරනවට. හැබැයි වයසින් වැඩි කොල්ලෙක් තමන්ගේ ලාබාල කෙල්ලට “ඩැඩී” වෙන්න යන එක හොඳ දෙයක් නෙවෙයි. වයසින් ලාබාල වුනත්, තමන්ට වඩා වැඩිමහලු කොල්ලෙක් තෝරගන්න තරම් ඒ කෙල්ල යම් කිසි පරිණත බවක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට තමන්ට හැම තිස්සෙම චූටි බබෙක්ට වගේ සලකන එක එයාට ඉක්මනටම එපා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ස්වාධීන, පරිණත කාන්තාවකට සලකන විදියට තමන්ගේ ලාබාල පෙම්වතියට සලකන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here