(අයි.ආර්. ඉන්දික සහ බිබිල කේෂර ගුණතිලක)
කොළඹ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන තරුණයන් සිවුදෙනකු වැල්ලවාය ඇල්ලවල දියඇල්ලේ දියනාමින් සිටියදී අද (21) පෙරවරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ සමන්තුරේ, කල්මුණේ, සයින්දමරුදු යන ප්‍රෙද්ශවල පදිංචි මොහොමඩ් අස්වර්,
මොහොමඩ් සුනුර්, මොහොමඩ් හයාෆ් හා මොහොමට් නවුෆස් නැමැති සිවුදෙනෙකු බව පොලිසිය කියයි.
ඉන් එක් සිසුවකු දැඩි පරිශ්‍රමයක් දරා අද සවස සොයාගත් අතර එසේ සොයාගනු ලැබූවේ මොහොමඩ් අස්වර් යන අයගේ සිරුර බව පොලිසිය කියයි.
අධික වර්ෂාව හා දැඩි සිතලහමුවේ ප්‍රෙද්ශවාසීන් එක්ව අතුරුදන්වූවන්ගේ සිරුරු සොයා ගැනීමට දැඩි පරිශ්‍රයක් දැරුවද සොයාගැනීමට හැකිවූයේ එක් සිරුරක් පමණක් බව ත් පොලිසිය පැවැසීය.
Saru Fm Media