රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එළඹෙන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල්දැමීමට යෝග්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවත් එසේ සිදුවුවහොත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සිදුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්.පීරිස් සදහන් කරයි.
රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවත් එළඹෙන වසරේ ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය පවත්වන්නේ නැතිනම් ඉන්පසු සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවද මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කරයි.
එළඹෙන වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වන බවත් නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව සදහන් කරයි.
Saru Fm Media