saru fm media
Home දේශීය පුවත් ත්‍රිකුණාමලය මුහුදේදී මාළු කිලෝ 1500 ක් කොල්ලකාලා

ත්‍රිකුණාමලය මුහුදේදී මාළු කිලෝ 1500 ක් කොල්ලකාලා

0
121


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ත්‍රිකුණාමලය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ යාත්‍රාවේ තිබූ රුපියල් 600,000 ක් වටිනා මාළු කිලෝ 1,500පමණ තොගයක්මුහුදු  කොල්ලකරුවන් බවට පැවසෙනදස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පෙරේදා 22 වැනිදා සවස් කාලයේ යාත්‍රා හතරකින් පැමිණ කොල්ල කාගෙන   පලාගොස් ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි

ත්‍රිකුණාමලය කෝනේෂ්වරන් කෝවිල පිහිටි ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් දහයක් පමණ දුරින් මෙම කොල්ලය සිදුවී ඇති බවද  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

ධීවර යාත්‍රාවේ තිබූ මාළු තොගයට අමතරව එම ධීවර යාත්‍රාවේ තිබූ මාළු දැල් හා යාත්‍රාවේ තිබූ ඩීසල් අඩංගුව තිබූ  බූලි ද  මෙම මූදු කොල්ලකරුවන් බවට පැවසෙන කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි

කින්නියා  ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි ධීවර කාර්මිකයකු ,තමන් ඇතුළු ධීවරයන් ගමන්ගත් ධීවර යාත්‍රාවේ තිබූ මාළු තොගය දැල් ආම්පන්න සහ ඩීසල් ද පැහැරගෙන ගොස් ඇති බවට ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිලි කර ඇත

ත්‍රිකුණාමලය වරාය පොලීසිය  මෙම කොල්ලය සිදුකර පළාගොස් සිටිනදස දෙනෙකුගෙන් සමන්විත මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here