saru fm media
Home දේශීය පුවත් තාත්තාගේ ණය පලහිලව්වට පුතා පැහැර ගනී

තාත්තාගේ ණය පලහිලව්වට පුතා පැහැර ගනී

0
113


(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයකට එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පුතා පැහැරගෙන ගොස් පසුව මුදා හැර ඇතැයි පොලිසිය කියයි.

හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන අදාල රෙදි ව්‍යාපාරිකයා රෙදි සැපයුම්කරුවකු ගෙන් ලබාගත් රෙදි සඳහා රුපියල් ලක්ෂ 12 ක මුදලක් ගෙවීමට තිබී ඇති අතර ණයකරු නිරන්තරයෙන් එය ඉල්ලා සිටියත් එය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එසේ එම දාහත් හැවිරිදි පාසල් සිසුවා පැහැරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම සිසුවා පෙරදෙණිය පාරේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ආපසු එමින් සිටියදී තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ වාහනයකින් පැමිණ සිසුවා පැහැරගෙන ගොස් කඩුගන්නාව ප්‍රදේශයේ රඳවාගෙන මහනුවර රෙදි ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් දී ණය ගෙවන තුරු ඔහුගේ පුත්‍රයා මුදා නොහරින බවට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව එම සිසුවාගේ මව මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණ එහි අපරාධ අංශයේ පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.

මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා දරුවා පැහැරගෙන ගිය බව කියන පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන දරුවා සමග සිටින තැනකින් පොලීසියට බාර වන ලෙස දැනුම් දීමෙන් පසු පැහැරගෙන ගිය සිසුවා පමණක් කඩුගන්නාව ප්‍රදේශයේ දී බස් රථයක නංවා පොලිසියට එවීමෙන් අනතුරුව ඔහු පළාගොස් ඇති බව පොලීසිය කියයි.

සිසුවාට එහිදී කිසිදු අනතුරක් සිදු කොට නොමැති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here