තාවකාලික පදිංචිකරුවන් එක් ලක්ෂ 78,000කගේ තොරතුරු රැස්කර ගනී

0
5

තාවකාලික පදිංචිකරුවන් එක් ලක්ෂ 78,600කට අධික පිරිසකගේ තොරතුරු රැස්කර ගත් බව පොලිසිය පවසනවා.

ඒ, එක් එක් ග්‍රාම නිළධාරි වසම්වල ඊයේ සහ අද දිනයේ තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස්කිරීමට හා පරීක්ෂා කිරීමට දියත් කළ මෙහෙයුමකදීයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි එම මෙහෙයුම සිදුකර ඇත්තේ විවිධ ආකාරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ස්ථිර පදිංචි පොලිස් වසම්වලින් බැහැරව කුලී  නිවාස සහ කුලී කාමරවල රැඳී සිටිමින් නීතිවිරෝධී කටයුතුවල නිරතවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන්.

ඒ අනුව දිවයින පුරා කුලී හා බදු පදනම මත ලබාගත් නිවාසවල පදිංචි පවුල් 37,183 ක පුද්ගලයින් එක් ලක්ෂ 12,963 දෙනෙකුගේ තොරතුරු රැස්කරගෙන තිබෙනවා.

එමෙන්ම කුලී හා බදු පදනම මත ලබාගත් කාමරවල පදිංචි පවුල් 10,755ක පුද්ගලයින් 34,133 දෙනෙකුගේද තොරතුරු රැස්කළ බවයි පොලිසිය පැවසුවේ.

ඊට අමතරව නිවාස, ආයතනවල මුරකරුවන්, ගෘහ සේවක සේවිකාවන්, සාත්තු සේවිකාවන් ලෙස  තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින්  31,517 දෙනෙකුගේ  තොරතුරුද පොලිසිය විසින් රැස් කරගෙන තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here