තැපැල් ඡන්දය දෙවන වරටත් කල් දැමීමට සිදුව ඇති බව මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව මේ බව නිවේදනය කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය පළමු වරට පසුගිය පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබුණා. එය කල් දැමුණේ අනිද්දා දිනය දක්වායි.
එහෙත් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම තවදුරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කර සිටිනවා.
Saru Fm Media