තිලීපන් සමරුව සිංහලයින් වෙසෙන ප්‍රදේශයකට ගෙනයාම වැරදියි – නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් – Saru FM Media

0
9


වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ තිලීපන්ගේ අනුස්මරණ පෙළපාළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව සිංහලයන් වෙසෙන ප්‍රදේශයකට ගෙන ගිය බවත්, එය ජාතීන් අතර සමගිය විනාශ කරන බවත් ය.

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදය තුළ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉතාමත් කල්පනාකාරීව කටයුතු කිරීමේ වගකීමක් තිබෙන බවත්, නොසැලකිලිමත් වීමෙන් රටේ සංහිඳියාව කඩාකප්පල් වන බවත්, එය රටේ නීතිය හා සාමයට තදින් බලපාන බවත් ආණ්ඩුකාර තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කර සිටියේය.

මින් ඉදිරියට රටේ සහජීවනයට බාධා වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොවීමට පියවර ගන්නා ලෙස තමන් පොලීසියට උපදෙස් ලබාදුන් බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.


Saru Fm Media