දකින මිනිස්සු පිස්සු වැටෙන පරිණත ගැහැණියක් විදියට වයසට යන්නේ මෙහෙමයි – Saru News Media

0
4

දැකලා තියෙනවද, වයස පනහක් හැටක් වුනත් මාරම සෙක්සි පෙනුමක් තියෙන, මාරම ආකර්ෂණීය භාවයක් තියෙන, හැම දෙනෙක්ම වසඟ වෙන විදියේ පරිණත භාවයක් තියෙන ඇන්ටිලා? සමහර වෙලාවට ඔය කියපු විදියේ ආච්චිලා පවා ඉන්නවා. මේ අය කොයි තරම් පෙනුමෙන්, ශරීරයෙන්, බුද්ධියෙන්, හැඟීම් වලින් වගේම ඉන්ටරෙස්ටින්ග් බවින් පිරිපුන්ද, ආකර්ෂණීයද කියනවා නම්, සමහර වෙලාවට ඊට අවුරුදු විස්ස තිහ බාල අයට පවා මේ අය ගැන ආස හිතෙනවා. ඇත්තටම මේ විදියට නියම විදියට පරිණත භාවයට පත් වුණු ඉන්ටරෙස්ටින්ග් ගැහැණියක් දකින එකත් ආස හිතෙන දෙයක්. අන්න ඒ නිසා අපි හිතුවා එහෙම හරි විදියට වයසට යන්න කැමති කාන්තා පාර්ශවේ කෙනෙක්ට අපේ ගාණේ පොඩි ටිප්ස් ටිකක් ලබාදෙන්න.

 

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැති අනිවාර්ය කාරණාවනේ. ඇත්තටම අපි හොඳ ජීවන පුරුදු නිර්මාණය කර ගැනීම සහ ශරීර සුවතාවය ගැන හිතන්න ඕන විසි තිස් ගණන් වල ඉඳලා. හැබැයි මේ වෙනකොට ඒ කාලේ පහුවෙලා වුනත් කාරියක් නැහැ. කවදාවත් මේ දේවල් වලට පරක්කුයි කියලා දෙයක් නැහැනේ. එකක් තමයි හරියාකාර කෑම බීම රටා සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග. මෙතනදී කියන්නේ රස කෑමක් නොකා, කොළ ජාති කකා ඉන්න කියන එක නෙවෙයි. හැබැයි හොඳ ඩයට් එකක් අනුගමනය කරන එක. ඒ කියන්නේ තමන්ගේ ශරීරයට ගැලපෙන විදියේ සමබල ආහාර වේලක්. එතනින් පිෂ්ටය අධික ඒවා, තෙල් අධික ඒවා, සීනි අධික ඒවා ගැලවෙන්නම ඕන. ඊලඟට දවසේ හරි වෙලාවට, වේල් කීපයක්, කුඩා ප්‍රමාණයන්ගෙන් ගන්න පුරුදු වෙන එක. මෙහෙම කෑම රටාව හදාගත්තට පස්සේ, තමන්ගේ තියෙන නරක පුරුදු අත අරින්නත් වෙනවා. එකක් තමයි හරියට වෙලාවට නිදා නොගන්න එක සහ ප්‍රමාණවත් නින්දක් නොලබන එක. ඊලඟට ඔය මොන දේත් පමණ ඉක්මවා කරන එක.

මේවා හදාගන්න අතරේම ශරීර සුවතාවයටත් මූලික තැනක් දෙන්න වෙනවා. ඕන නම් ජිම් එකට යන්න පුළුවන්. ඕන නම් දිනපතා ඇවිදින්න යන්න, දුවන්න යන්න සහ ශාරීරික ව්‍යායාම කරන්න පුළුවන්.

 

ඔය ශාරීරික සුවතාවය හදා ගන්න අතරතුරේදීම මානසික සුවතාවයත් ඒ විදියටම පවත්වා ගන්න එක අනිවාර්ය කාරණාවක්. ඒකට කරන්න පුළුවන් එක දෙයක් තමයි, වයස්ගත වෙන්න කලින් ඉඳලම මනස හොඳින් තියාගන්න එක, ප්‍රබෝධමත්ව තියාගන්න එක සහ මනසට ව්‍යායාම ලබාදීම. මනසට ව්‍යායාම කියලා කියන්නේ තමන් ආස කරන දේවල් ඉගෙන ගැනීමට කාලය යෙදවීම, චෙස් හෝ වෙනත් ඒ වගේ මනසට ව්‍යායාම ලබාදෙන ක්‍රීඩාවන්ට යොමු වීම, ඔය ප්‍රෙහේලිකා ගැටළු විසඳීම විනෝදාංශයක් කරගැනීම වගේ ඒවා තමයි. ඊලඟට පොත් පත් කියවන එක, හොඳ චිත්‍රපට, ටීවී සීරීස් ඒ අතරින් පතරට බලන එක, සංගීතයට සවන් දෙන එක වගේ දේවලුත් අත්‍යාවශ්‍යයි. ඒ එක්කම භාවනා කිරීම, මල් වැවීම වගේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන දෙයක් විනෝදාංශයක් විදියට කිරීමත් මානසික සුවතාවයට බොහොම හොඳ දෙයක්.

 

අපිට වයස්ගත වෙනකොට පිළිගන්න වෙන දෙයක් තමයි, අපේ ශරීරයේ කොලිටිය ඔය හොඳ ජීවන පුරුදු සහ ශරීර සුවතාවය එක්ක ඉහළ මට්ටමක තිබ්බත්, ලෙඩ රෝග වගේ දේවල් එන්න පුළුවන් කියන එක. හොඳ ජීවන පුරුදු සහ ශරීර සුවතාවය එක්ක ශරීරය යම් මට්ටමකින් සුලභ සෞඛ්‍ය ගැටළු වලින් ආරක්ෂා වෙලා තිබුණත්, වයසත් එක්ක එන්න පුළුවන් ලෙඩ රෝග, ආරෙට එන්න පුළුවන් ලෙඩ රෝග සහ ඔය මොකුත් නැතුව කොහොමත් එන්න පුළුවන් ලෙඩ රෝග වලින් මිදෙන එක අමාරුයි. ආන්න ඒකට තමයි අවදානමට පෙර සූදානම වටින්නේ. ඒ නිසා පුරුද්දක් විදියට කාලෙකට සැරයක් කරන්න සම්පූර්ණ බොඩි චෙකප් එකක්. පුරුද්දක් විදියට පවුලේ දොස්තර එක්ක සම්බන්ධතාවය තියාගන්න. ඒ වගේම විශේෂයෙන්ම, තමන්ගේ ශරීරයේ මොකක් හෝ සුළු හරි ගැටළුවක් තියෙනවා කියලා දැනුනොත්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

ගොඩක් වෙලාවට වයසට යන අය හිතන දෙයක් තමයි, ෆැෂන් කියන දේ තියෙන්න ඕන තරුණ අයට කියන එක. ඇත්තටම ඒක මෝඩ කතාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ෆැෂන් කියන්නේ හැම වයසකම ඉන්න, හැම කෙනෙක්ටම අවශ්‍ය, සැලකිල්ල දක්වන්න ඕන දෙයක්. ආන්න ඒ නිසා, තමන්ගේ වයස කොයි තරම් වුනත් ෆැෂන් කරන්න, ෆැෂනබල් වෙන්න දෙපාරක් හිතන්න එපා. ඇත්තටම මෙතනදී වෙන්න ඕන දේ තමයි, තමන්ට ගැලපෙන, තමන්ව වඩාත් ආකර්ෂණීය කරන ෆැෂන් කරන්න බය නැතිවෙන එක. 

ඒ වගේම ඔය සම රැකගන්න එහෙම තියෙන ෂුවර් බියුටි කල්චර් නිෂ්පාදන එහෙම තියෙනවනේ. අන්න එව්වා එහෙම පාවිච්චි කරන එකෙත් කිසි ගැටළුවක් නැහැ. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here