දරුවන්ගේ සමේ ආසාදන ගැන දැනුවත් වෙමු – Saru FM Media

0
96


මේ දවස් වල පාසල් ක්‍රීඩා උත්සව කාලය. ඉතින් දරුවන් ඉක්මනින් සමේ ආසාදන වලට ලක් වෙන්න පුලුවන්.කොහොමත් රෝග පැතිරෙන කාලය නිසා ප්‍රවේසම් වීම සහ දැනුවත් වීම හරිම වැදගත්.

රෝග ලක්ෂණ මොනවාද?

  • සමට යටින් ඉදිමීමක් හටගැනීම.
  • ගෙඩිය කුඩාවට ආරම්භ වී ක්‍රමයෙන් විශාල වීම.
  • විසර ගෙඩියට ඉහලින් පවතින සම රතුපැහැවීම සහ උණුසුම් වීම.
  • ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම.
  • කහ පැහැති හෝ රුධිරය මිශ්‍ර ශ්‍රාවයක් පිටවීම
  • ස්පර්ශ කලවිට වේදනාකාරී වන, රතුපැහැ සහ උණුසුම් ප්‍රදේශයක් සමේ හටගැනීම.
  • රතුපැහැය සම පුරා ඉක්මනින් පැතිරීම
  • උණ
  • දරුවා රෝගී ස්වභාවයක් ගැනීම.
  • සමේ ආසාදනය වූ ප්‍රදේශය ආශ්‍රිත වසා ගැටිති ඉදිමීම.

දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කළ යුතුද?

  • සමේ ඇතිවන කුඩා සතුන් විදින ලද ස්ථාන, පලු, විසර ගෙඩි, හෝ කුරුළෑ පිපිරවීම, කැසීම, හෝ ඒවාට ඇනීම නොකල යුතු බව දරුවාට උගන්වන්න.
  • දරුවාට ශාරීරික අපහසුතාවයක්, වේදනාවක්, හෝ උණ ඇති නම්, නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබාදෙන්න.

වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවිය යුත්තේ කුමන අවස්ථා වලදී ද?

පහත සඳහන් ලක්ෂණ එකක් හෝ පවතී නම්, දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකල යුතුය.

  • ඔබේ දරුවාගේ සමේ සැලකිය යුතු ප්‍රදේශයක ආසාදනය පැවතීම.
  • සමේ ආසාදනය ක්‍රමයෙන් විශාල හෝ උග්‍ර වීම.
  • දරුවා රෝගී ස්වභාවයකින් පසුවීම.
  • දරුවාට උණ හෝ වෙව්ලීම පැවතීම
  • සමේ ආසාදනය වූ ප්‍රදේශය ආශ්‍රිතව රතුපැහැ වයිරම් හෝ රේඛා පැවතීම.

දරුවාගේ සමේ ආසාදන හටගැනීම වැළැක්වීමට කුමක් කල යුතුද?

නිතර හොඳින් අත් සේදීමට උපදෙස් දෙන්න. විශේෂයෙන්, ආසාදිත ප්‍රදේශයක් ස්පර්ශ කල පසු අත් සේදීම ඉතාම වැදගත් වේ. දරුවාගේ සමේ පවතින සීරීම්, කැපුම්, සහ තුවාළ හොඳින් සබන් සහ ජලය යොදා සෝදා, වියලීමෙන් අනතුරුව, ප්‍රතිජීවක ඖෂධ අඩංගු ක්‍රීම් වර්ගයක් හෝ දියරයක් ආලේප කර, පිරිසිදු සහ වියළි බැන්ඩේජ් එකකින් ආවරණය කරන්න. තුවා, ඇඳුම්, රේසර්, සහ ක්‍රීඩා වලදී භාවිතා කරන ඇඳුම්, පැළඳුම් හවුලේ භාවිතා කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දෙන්න.

-නිබන්ධිකා-


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here