දරුවාගේ ඇසේ සුළු වපරයක් ඇත්නම්.. – Saru FM Media

0
104


සමහර දරුවන් කුඩා කාලයේදී පුංචි වපරයක් තිබුනම දෙමව්පියන් පවසන්නේ ඒක වාසනාවක් . ඒක පිං වපරයක් කියායි .නමුත් වෛද්‍ය විද්‍යාව නම් පවසන්නේ පිංවපර කියා දෙයක් නැති බවත් එය  විකෘතිතාවක් බවත් .ඒ වගේම ඒ නිසා ඇසට විශාල හානියක් පසු කාලයේදී සිදු වීමේ ඉඩ කඩක් තිබෙනවා .

වපරය කියන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ  ඇස් දෙකම  එකිනෙකට සමානව පිහිටා තිබෙනවා .ඇස් දෙකේම දෘෂ්ටි අක්ෂ  එකිනෙකට සමාන්තරව පිහිටා තිබෙනවා. මේ නිසා ඈතක පිහිටි වස්තුවක් දෙස බැලීමේදී ඇස් දෙකම එකවර එක සමාන ලෙස චලනය  සිදුකර ප්‍රතිබිම්භයක් නාභිගත කරනු ලබනවා .

වපරයක් සහිත වීම දරුවාගේ වර්ධනයට බලපානවා ද ?

උපතින් ඇතිවන මෙම තත්ත්වය දරුවාගේ වැඩීමත් සමග වර්ධනය වනවා.මේ සඳහා කුඩා කාලයේදීම පිළියම් නොකළහොත් දුර්වල වූ ඇසේ පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යා හැකියි.මෙම රෝගී ද ගොදුරු වූ අයට යම් ගැඹුරු තැනක තරම දැන ගැනීම අපහසුයි .ඒ වගේම රෝගියාට රෝගියාට නිතර හිසරදය සහ ඇස් වල වේදනාව ඇතිවෙනවා.ඇස්වල කෝණය වැඩි වුවහොත් ද්විත්ව පෙනුම ඇති වෙන්න පුළුවන්.

වපරය සුවකළ හැකිද ?

වපරය ඇතිවූයේ ඇසෙන් චලන වලට බලපාන මාංශ පේශි වල  ඇති දුර්වලතාවයක් නිසා නම් මේ සඳහා ඇසේ මාංශපේශිවල දිග අඩුකිරීම  ශල්‍ය කර්මයක් මගින් සිදු කරනවා .


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here