දෙන්නගේ ආදර කතාවට තුන්වැන්නෙක්ගේ පැමිණීම ගැන කියවෙන සිංහල ගීත – Saru FM Media

0
92


සිංහල ගීතයේ විෂය පථය ගත්තොතින් සෑහෙන ලොකුයි. ආදරය කියන මාතෘකාව අස්සේම වෙන්න පුළුවන් දේ සහ නොවෙන දේවල් රාශියක් ගැන නිර්මාණය වුණ කතා තියෙනවා. සාමාන්‍යයෙන් ආදර සම්බන්ධයක් තියෙන්නේ දෙන්නෙක් අතරයි. තුන්වැන්නෙකුගේ පැමිණීම කියලා කියන්නේ තුන්දෙනෙකු අතර වෙන සම්බන්ධය නෙවෙයි. තුන්වැන්නෙක් ඇවිල්ලා කලින් සඳහන් කරපු දෙන්නගෙන් එක්කෙනෙක්ව ඩැහැ ගන්න කුරුමානම් ඇල්ලීම. එහෙමත් නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ හිත වෙනත් කෙනෙක් සතුවීම. ඉතින් ඒ ගැනත් ලියවුණු ගීත තියෙනවා. මේ ඒ අතරින් කීපයක්.

 

දුහුළු මලක් චිත්‍රපටයේ ගීතයක් ලෙස කරලියට එන මේ ගීතය රචනා කරන්නේ අජන්තා රණසිංහයන්. සංගීතය සරත් දසනායකයන්. ගායනය නන්දා මාලිනියන්. අකුරු කරන්නට අමාරු සංකීර්ණ හැඟුම් සමුදායක් මේ සංයෝගයෙන් ඉතා අලංකාරව ඉදිරිපත් කරලා තියෙනවා. ඇය විවාහක ස්ත්‍රියක්. ඒත් ඒ විවාහය හිස්. අන්න ඒ නිසා අසම්මතයි කියා හංවඩු ගැහුණු වෙනත් තරුණයෙකුගේ ප්‍රේමයක් කරා තරුණියගේ හිත දිව යනවා. මෙතන දී ස්ත්‍රියකගේ චපලත්වයක් ගැන අංශුමාත්‍රයක සඳහනක් නැහැ. ගීතය අහන අපිට ඇගේ අසරණකම තේරෙනවා.

https://www.youtube.com/watch?v=35M7NRcQOvQ

 

කේ. ඩී. කේ. ධර්මවර්ධන කියන විශිෂ්ට පද රචකයාගේ ගී සංකල්පනාවක්. තරුණයෙක් ඉන්නවා තරුණියක් එක්ක ප්‍රේමයෙන් වේළුණ. ඒ හා සමානව ඒ වගේම ප්‍රේමයක් හදවතේ තියාගෙන ඉන්නා තවත් තරුණයෙක් ඉන්නවා. මේ තුන්දෙනාම මේ හුටපටය ගැන දන්නවා. ඒ නිසාම මේ තරුණයන් දෙන්නා අනාගතය ගැන හිතලා දුක් වෙනවා. මේ ගීතය කියන තරුණයා අවසානයේ තීරණය කරනවා අනික් තරුණයාගේ හිත නොරිද්දා ඔහුට ඇයව භාර කරන්න. ඉතින් මේ කතාව අපිට කියන්නේ මිල්ටන් මල්ලවාරච්චි. සංගීතය ක්ලැරන්ස් විජේවර්ධන.

https://www.youtube.com/watch?v=dkkSV4zd4tk

 

ගුණදාස කපුගේ ගේ මියුරු හඬට මේ පදවැල් ඇමිණුවේ සුනිල් ආර්. ගමගේ මහතායි. ඔහුට අනුව මේ ගීතය ඔහුගේ යාළුවෙකුගේ අත්දැකීමක්. පාසල් කාලයේ පටන් පෙමින් සිටින දෙදෙනෙකු විශ්වවිද්‍යාල දෙකකට තේරෙනවා. දැන් ඉස්සර වගේ තාක්ෂණය හෙමත් නැති නිසා හමුවන්නවත් හරිහැටි සිද්ධ වෙන්නේ නැහැ. මේ අවසරයෙන් මේ පෙම්වතිය වෙනත් කෙනෙකු හා ඇසුරක් පටන් ගන්නවා. ඒ අලුත් හිමිකරුට තමන්ගේ ප්‍රේමයේ අරුම තැන් ගැන කියන සංවේදී ගීතයක් විදියට දකින්න පුළුවන්.

 

වසන්තා තිලකාංගනී කියන නාමය එක යුගයක් වශී කළා. ඒ මේ ගීතය නිසා. බන්දුල නානායක්කාරවසම්ගේ පදවලට සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්. මේ ගීතයේ දී ප්‍රේමවන්තිය දැනගන්නවා තමන්ගේ පෙම්වතා තුන්වැන්නෙකු සමග ප්‍රේමයෙන් වෙලී ඇති බව. එයින් මොන තරම් පීඩා වින්දත් අවසානයේ ඈ තීරණයකට එනවා ඔහුගෙන් සමුගන්න.

https://www.youtube.com/watch?v=i9dXMAega7U

 

සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියන ප්‍රවීණ මාධ්‍යවේදියා, ගීත රචකයාගේ මේ රචනය වෙනස් විදියකින් අදහස් දැක්වීමක්. මනුෂ්‍ය හැඟීම් පිලිබඳ ජ්‍යාමිතික අත්හදා බැලීමක්. තරුණයෙක් ඉන්නවා තරුණියන් දෙදෙනෙකුගේ නේත්‍ර පූජාවට ලක් වෙන. මේ දෙදෙනාගේම ඇසුර ඔහුට ප්‍රියයි. ඒත් මේ වගේ කතා අහවර වෙන්නේ ශෝකාන්තයකින් බවත්, ප්‍රායෝගික නැහැ කියලත් ඔහු දන්නවා. තුන්කොන් පෙමකට මේ තරම් පරසිඳු තවත් ගීතයක් නැති තරම්. ගායනය සහ තනුව දයාරත්න රණතුංගයන්ගෙන්


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here