දෙන්නෙක්ට එක පාර ආදරය කරනවා නම්, මෙන්න උපදෙස්! – Saru News Media

0
16

මේක සාමාන්‍යයෙන් ගත්තත් බුදු අම්මෝ වෙන මාතෘකාවක්. ඇයි? දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න පුළුවන්ද බැරිද කියන එක පැත්තකින් තිබ්බත්, තමන්ගේ ආදරවන්තයා හරි ආදරවන්තිය හරි දෙන්නෙක්ට එක පාර ආදරෙයි කියලා දැනගන්න එක, එහෙම නැතිනම් තමන් ඇරෙන්න තවත් කෙනෙක්ට ආදරෙයි කියල දැනගන්න එක කෙනෙක්ට සෑහෙන්න ලොකු ෂොක් එකක් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ඔය දෙන්නෙක්ට එක පාර ආදරේ කරන එක අවුල් වගේ පෙනුනට, ඒක සෑහෙන්න සිද්ධ වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි රහසෙන් තමයි.

 

හරි, දෙන්නෙක්ට එක පාර ආදරේ කරන එකේ සමහර වෙලාවට වාසි තියෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා අපි හිතන්න ඕන මේකයි. දෙන්නෙක්ට එක පාර ආදරයක් ඇති වෙන්න පුළුවන්. අපි Saru News Media එකෙන් කලිනුත් කතා කරලා තියෙන විදියට මේක සම්පූර්ණයෙන්ම වෙන්න බැරි සීන් එකක් නෙවෙයි. ඒත් ඉතින් ඒක හරියට කරගෙන යන එක වෙනම කතන්දරයක්. ආන්න ඒ කතන්දරේ ගැන ටිකක් විස්තර කියන්න, උපදෙස් කීපයක් ලබාදෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.

 

 

දෙන්නෙක්ට එක පාර ආදරේ කරනකොට ලේසිම වැඩේ තමයි එකිනෙකාට හංගලා දෙන්නට වෙන වෙනම ආදරේ කරන එක. හැබැයි ඉතින් ඒකට කියන්නේ වංචාව කියලා. ඇත්තටම, හරි විදියට දෙන්නෙක්ට එක පාර ආදරේ කරන්න නම් ඒ ආදරේ කරන දෙන්නටම බොහොම අවංක වෙන්න සිද්ධ වෙනවා. අවංක වෙලා දෙන්නම ඒ ගැන ඕකේද කියලා හොයලා බලන්න වෙනවා. එහෙම එක්කෙනෙක් හරි තව කෙනෙක් ජීවිතේට එනවාට අකමැති නම්, අන්න වැඩේ එක්කෝ අතඅරින්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් කරුණු කාරණා කතාබහ කරගෙන වැඩේ අත අරින්න සිද්ධ වෙනවා.

ඇත්තටම ගොඩක් දෙනෙක් වංචා සහගත මාර්ගය තෝරගන්නේ, දෙන්නෙක්ට එක පාර ආදරේ කරනවා කියන කාරණාව ගැන අවංක වෙන එක ඉතාම අමාරු නිසා තමයි. මොකද, ඒ ගැන අවංක වෙන්න පුළුවන් වෙන්නේ විවෘතව ඒ ගැන දකින මනුස්සයෙක් එක්ක විතරයි. එහෙම නැතිනම් “තමුසෙ මහ බල්ලෙක්නේ/බැල්ලියක්නේ ඕයි!” කියන කෑල්ල තමයි අහගන්න සිද්ධ වෙන්නේ!!

 

මෙන්න මේක වැදගත්. තමන් එක්කෙනෙක් ගැන සම්පූර්ණ විස්තර අනිකාට කියනවද නැද්ද කියන එක. ඒක මෙහෙමයි. දැන් අපි කියමු අපිට ආදරේ හිතිලා ඉන්න එක්කෙනෙක් අනික් එක්කෙනාට වඩා සෑහෙන්න ලස්සනයි හරි අධ්‍යාපනය පැත්තෙන් ඉහළයි හරි, අන්න ඒ වගේ සීන් එකක් කියලා. දැන් එතකොට ඒ කෙනාගේ නම, ගම, වයස, අධ්‍යාපන මට්ටම, බාහිර පෙනුම, ආධ්‍යාත්මය, ගතිගුණ වගේ හැම එකක්ම අනික් කෙනා එක්ක කියන එකෙන් සමහර වෙලාවට ඔය ඊර්ෂියාව, ආත්ම සම්මානය හීන වීම වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ හැම දෙයක්ම කියනවාද කියන එක එකිනෙකාගේ චරිත ස්වභාවය අනුව තීරණය කරන්න ඕන දෙයක්. 

 

මෙන්න මේකත් ඉතාම වැදගත් කාරණාවක්. අපි මුලින්ම කිවුවනේ දෙන්නෙක් එක්ක ආදරේ කරනවා නම් එකිනෙකා එක්ක සම්පූර්ණයෙන්ම අවංක වෙන්න ඕන කියලා. හැබැයි එහෙම තුන්දෙනාම තත්ත්වය ගැන දැනුවත් වුනාට පස්සේ, එකිනෙකා අතර තියෙන්න ඕන සීමාවන් ගැනත් හොඳ අවංක සංවාදයක් යන්න ඕන. ඇත්තටම උඩින් කියපු දෙවෙනි කාරණාව තේරුම් බේරුම් කරගන්නත් මේ සංවාදය වැඩගත් වෙයි.

දැන් මේ සීමාවන් වුනත් ඇත්තටම පුද්ගලානුබද්ධයි. උදාහරණයක් විදියට එක්කෙනෙක් කියන්න පුළුවන් “ඔයා මට කියලා අනික් කෙනා එක්ක ඩේට් අවුට් එකකට, සෙක්ස් කරන්න යන්න, හැබැයි මට විස්තර කියන්න එපා” කියලා. හරි, ඒක සාධාරණයිනේ. හැබැයි එහෙම වුනාට අනික් කෙනාට ආසාවක් තියෙන්න පුළුවන් තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය එයාගේ අනික් ආදරවන්තයා/ආදරවන්තිය එක්ක කරන කියන දේවල් අහන්න. අන්න එහෙමනම් ඒවා කියන එක කාරියක් නෑ. ඒ ඇරුණහම එක ආදරවන්තයෙක්/ආදරවන්තියක් කියන්න පුළුවන් එයාට කවදාවත්ම අනික් කෙනාව මුණගස්වන්න එපා කියලා. ඒකත් එතකොට සීමාවක්. සමහර කෙනෙක් කියන්න පුළුවන් “එයාව කවදවත් ඔයාගේ යාළුවන්ට අඳුන්වලා දෙන්න එපා” කියලා. ඒක වුනත් අපිට පිළිගන්න පුළුවන් නම් සීමාවක්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here