දේවගැති ජෙරොම් ගොනුකළ පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

0
7

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් මීට පෙර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඔහුගේ නීතිඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මේ වනවිට ඇපමත මුදා හැර සිටින හෙයින් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුනොවන බවයි.

ඒ අනුව එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here