නවක වදය ගැන 0765453454 වට්ස් ඇප් අංකයට දැනුම් දෙන්න | Saru FM Media

0
24


විශ්ව විද්‍යාල තුළ නවක වදය පිටුදැකීම වෙනුවෙන් 0765453454 යන නව වට්ස්අප් අංකය හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.මේ වන විට ඒ සඳහා ක්‍රියාත්මක 1997 අංකයට අමතරව නව වට්ස් ඇප් අංකය ඔස්සේ නවක වදයට අදාළ වීඩියෝ පට, ඡායාරූප ද යොමුකළ හැකි බව ඒ මහතා දන්වා සිටියි.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ඒ බව කියා සිටියේ මේ පිළිබද දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(18) පැවැති.මාධ්‍ය හමුවක දීය.




Saru Fm Media