එම ලිපිය පහතින් 👇
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
ජනාධිපති, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ගරු ජනපතිතුමනි,
පළාත් පාලන මැතිවරණයේ ගොදුරක් වූ රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම.
2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තුන්දහසකට (3000) අධික රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක පිරිසක් ජනවාරි මස 21 වැනි දින නාම යෝජනා පත් භාර දුන් බව ගරු ඔබතුමා ද පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අගමැතිතුමා ද මැනවින් දන්නා කරුණකි. මෙම රාජ්‍ය නිලධාරීන් පිරිස, ඔබතුමා දේශපාලන නායකත්වය සපයන එජාපය ඇතුළු පිළිගත් දේශපාලන පක්ෂ 48 ක් ද ස්වාධීන කණ්ඩායම් ද නියෝජනය කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ නීතිය ප්‍රකාරව සියලු දෙනා වෙත වැටුප් රහිත නිවාඩු අනුමත කර තිබුණි. සති 7 ක කාලයක් සඳහා වැටුප් රහිතව ජනතා සේවයට කැප වීමේ ආදර්ශය ලබා දීම, කුමන පක්ෂයක් නියෝජනය කළ ද ඔවුන් ගේ අභිලාෂය වූ බව නිසැකය.
Saru Fm Media