නියම චීන කෑම වේලක් කන්න, කොළඹ අවට තියෙන නියම චීන අවන්‍හල් කීපයක් – Saru News Media

0
1

දැන් ඔය චයිනීස් කියන වචනේ ලංකාවේ කොත්තු රොටී වගේ තමයි. හන්දියකට හත ගාණේ තියෙනවා. ලංකාවේ තරං චයිනීස් රෙස්ටුරන්ට්‍ ආයෙ චීනෙත් නැතුවැති. එළෝලු ටිකක් කපලා, මස් කෑලි ටිකක් කපලා තාච්චිය රත් කරලා උඩ පහල ගහලා දෙන ෆ්‍රයිඩ් රයිස් එකත් ශ්‍රී ලංකන් චයිනීස් කියලා තමයි කියන්නේ. දවල්ට ෆ්‍රයිඩ් රයිස් ගහන රෑට කොත්තු ගහන ගමේ රත්නෙගෙ කඩේත් චයිනීස් කියලා තමයි කීමට කියන්නේ.

 

හැබැයි අපි කියන්නේ මේ එහෙම චයිනීස් ගැන නෙවෙයි. නියම විදියට චීන ආහාර පාන, චීන විදියටම හදන, සමහර වෙලාවට ඒකට චීනෙන් ආපු චෙෆ් ලම ඉන්න, කොළඹ තියෙන නියම චීන අවන්හල් කීපයක් ගැන තමයි අපි කියන්න හිතුවේ. මේ තැන්වල හංදියේ චයිනීස් එකෙන් වගේ රුපියල් සීයේ ෆ්‍රයිඩ් රයිස් නම් ගන්න හම්බුවෙන්නෙ නෑ. හැබැයි චීනේ තියෙන වෛවර්ණ ආහාර සංස්කෘතිය කොලිටියකට අත්විඳින්න නම් ගිහින් බලන්නම ඕන තැන් තමයි මේ.

 

ටැන්ග් ඩිනාස්ටි කියන්නේ දැන් සෑහෙන කාලයක් තිස්සේ කොළඹ තිබුණු නියම චයිනීස් රෙස්ටුරන්ට් එකක්. පටන් ගත්ත කාලේ තිබුණු තරම් මාරම මාරයි එකක් දැන් නැතත්, තාමත් නියම චීන කෑමවේලක් ගන්න නම් යන්න පුළුවන් තැනක් විදියට ටැන්ග් ඩිනාස්ටි එක පෙන්නන්න පුළුවන්. ඉස්සර නම් මේකේ යක්ස ගණන් කියලා හිතුණට, ඇත්තටම ඒ තරම් ගණන් නෑ කියලා දැන් හිතෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, සාමාන්‍යයෙන් ස්ටාටර් එකක් රුපියල් 600 ක් වටේ වෙන ගාණකට ගන්න පුළුවන්. අපේ ෆේවරිට් එකක් වුණු Chaozhou මැරිනේටඩ් ප්ලැටර් එක ට්‍රයි කරලා බලන්නම වටිනවා. මේ අයගේ අර තඩි ෆොටෝ ඇල්බම් එකක් වගේ තියෙන මෙනු එකේ අයිටම් බර ගාණක් අතරින් මොනවද තෝරගන්නේ කියලා හිතාගන්නම සෑහෙන වෙලාවක් ගත වෙනවා කියන එකත් කියන්න ඕන.

 

තැන මෙතන:

ෂැන්ග්‍රි ලා හොටෙල් එක කිව්වහම දැන් නම් නොදන්න කෙනෙක් නැහැනේ. ඔව්, අපි මේ කියන්නේ කොළඹ ෂැන්ග්‍රි ලා එක. කොහොම හරි, ෂැන්ග්‍රිලා හොටෙල් එකේ තියෙන නියම චීන කෑම තියෙන චීන රෙස්ටුරන්ට් එක තමයි ෂැන්ග් ප්ලේස් කියන්නේ. හරි, ටිකක් විතර ගණන් වැඩියි තමයි. හැබැයි විශේෂ සැමරුමකට එහෙම යන්න වටින තැනක්. සාමාන්‍යයෙන් අඟහරුවාදා ඉඳන් ඉරිදා වෙනකල් 12-3 ලන්ච් එකත්, 6.30-11 ඩිනර් එකත් තමයි තියෙන්නේ. සෙනසුරාදා ඉරිදා යුම් චා ලන්ච් එක ගන්න පුළුවන්. අපි කැමතිම වුණු අයිටම් දෙකක් තමයි Minced beef soup with bean curd සහ හරක් මස් ඩම්ප්ලින්ග්ස්. එතනින් එහාට ඉතින් මෙනු එකේ සෑහෙන අයිටම්ස්, සෑහෙන ගණන් වලට යනකල් තියෙනවා. එක පාරක් හරි ගිහින් බැලුවට පාඩු නෑ.

 

තැන මෙතන:

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here