නොරොච්චෝලේ යළි ක්‍රියාත්මක කිරීමට දින 12 ක් යයි – Saru FM Media

0
106


ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක් පමණ ගත වනු ඇති බවයි.
එම යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති බව , එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා පවසයි .

සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බවයි .

ලබන අප්‍රේල් මාසයේදී තුන්වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය සතු ඩීසල් ඇතුළු ඉන්ධන බලාගාර හරහා ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසූ අතර මේ හේතුවෙන් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද පැවසීය.

රෂිකා හෙන්නායක


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here