පරස්තාවකට කෙනෙක් හොයාගන්න ලංකාවේ තියෙන විවාහ මංගල සේවා 7ක් – Saru News Media

0
18

දැන් ඔය ගොඩක් දෙනෙක් කියන කතන්දරයක්නේ කසාදේ කියන්නේ කලවයස ආවට පස්සේ ඕනම සිහි මොළේ ඇති මනුස්සයෙක් කරගන්න ඕන කාරියක් ය කියන එක. ඒ ගැන ඉතින් වෙනම කතා කරන්ඩෝනෑ. හැබැයි සමහර කසාද බැඳගත්තු උදවිය නම් කියන්නේ කසාද කරන්න හොයන්නේ සිහි මොළේ පොඩ්ඩක්වත් නැති අය කියලා. එහෙම කිවුව කියලා අපි සැලෙනවද? නෑනේ. අපි පරස්තාවක් කරගෙන, බැඳපු ගෑණු ළමයා හරි පිරිමි ළමය එක්ක හරි අත් අල්ලගෙන මේම මේම පැද්දි පැද්දි ජීවන මේ ගමන සංසාරේ කියලා යන්න පැකිළෙනවද? නෑනේ.

දැන් කාලේ ගොඩක් වෙලාවට වෙන්නේ අපේ සියේට පණහ හරි. අනික් පැත්තේ සියේට පණහ හරියන්නවත් අනික් පැත්තෙන් කෙනෙක් නැති එක තමයි දුක. ෆේස්බුක් එකෙන් සෙට් වෙන එවුනුත් ෂුවර් නෑ. ආන්න ඒ වගේ අවස්ථාවක අපිට පිහිටට එනවා එක්කෝ පත්තරේ මංගල යෝජනා. එහෙමත් නැත්නම් ඊට වඩා ඉක්මන් ක්‍රමයක් තියෙනවා මංගල සේවා කියලා. ආන්න ඒ කිවුව මංගල සේවා ගැන පොඩ්ඩක් විස්තර කියලා සමාජ සත්කාරයක් කරන්නයි අපි මේ ලැහැස්ති වෙන්නේ!

 

බොහොම සුපරීක්ෂාකාරීව නිර්මාණය කරලා තියෙන මංගල යෝජනා ගැලපුම් වෙබ් අඩවියක් විදියට මයි පාට්නර් අඳුන්වන්න පුලුවන්. එහෙම කියන්න හේතුව මේකයි. කෙනෙක්ට නිකම්ම මේ වෙබ් අඩවියේ සාමාජිකත්වය ගන්න බැහැ. ඒකට තමන්ගේ සත්‍ය විස්තර, සත්‍ය ඡායාරූපයක්, හඳහන් විස්තර වගේ සෑහෙන දේවල් ලබාදෙන්න වෙනවා. ඒ කියන්නේ නිකම්ම විහිළුවට, කම්මැලිකමට මේකේ ප්‍රොෆයිල් එකක් හදන්න යන එක කරදරයි. හැබැයි ඒ වගේම තමන් ගැන බොහෝ තොරතුරු ලබාදෙන හින්දාම මේකෙන් මංගල්ලේ ගොඩ යන්න තියෙන අවස්ථාවත් වැඩියි. නොමිලේ මූලික සේවාවන් ලබාගන්න පුලුවන් මේ වෙබ් අඩවියේ මාස හයකට රුපියල් 1000ක් වගේ ගාණක් ගෙවලා සම්පූර්ණ සේවාවන් ලබාගන්න පුලුවන්.

 

සම්පූර්ණයෙන්ම වෙඩින් එකම අල්ලලා හදපු වෙබ් අඩවියක් විදියට හඳුන්වන්න පුලුවන් තැනක් තමයි පාට්නර් ඩොට් එල් කේ කියන්නේ. එහෙම කියන්න හේතුව මේකයි. තමන්ට නොමිලේ රෙජිස්ටර් වෙන්න පුලුවන්. තමන්ගේ විස්තර, ෆොටෝ එහෙම ඇතුළත් කරන්නත් පුලුවන්. දුරකථන අංක එහෙමත් ඇතුළත් කරන්න පුලුවන්. ඉන් පස්සේ තමන් හොයන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා විස්තර දීලා මේකේ රෙජිස්ටර් වෙලා ඉන්න අයගෙන් හිතට අල්ලන කෙනෙක්ව ‍තෝරගන්න පුලුවන්. ඉන් පස්සේ වැඩේ ඔහොම දිගටම ගිහින් ගොඩ යනවා නං, ආයිමත් සයිට් එකට ඇවිත් වෙඩින් එකට ඕන කරන අනෙක් දේවල්, ඒ කියන්නේ බියුටි කචල්, මංගල ඇඳුම්, කේක්, වෙඩින් කාර්, හෝල් වගේ නානාප්‍රකාර අනෙක් කරුණු කාරණාත් සයිට් එකේ පැත්තකින් තියෙන වෙඩින් ඩිරෙක්ටරිය හරහාම හොයාගන්න පුලුවන්.

 

මෙන්න මේ සයිට් එක ලංකාවේ ඉන්ටර්නෙට් කියලා දෙයක් මිනිස්සු අඳුනාගත්තු කාලේ ඉඳලම පැවතෙන එකක්. එදා ඉඳන් අද වෙනකල් ලොකු වෙනසක් වෙලාත් නෑ. හැබැයි තාමත් ඇක්ටිව්. මේකේ සරලවම තියෙන්නේ ඔයාගේ විවාහ මංගල යෝජනාව සහ සම්බන්ධ කරගන්න ෆෝන් නම්බර් එකක් හෝ ඊමේල් ලිපිනයක් එක්ක ඇඩ් එකක් පළ කරන්න. සත පහක් යන්නෙ නෑ. එතකොට ඔයාව ගැලපෙනවා කියලා හිතන කෙනෙක් ඒ ඇඩ් එක බලලා ඔයාව සම්බන්ධ කර ගනී. ඒ වගේම ඔයාටත් පුලුවන් මේකේ තියෙන ඇඩ් බල බලා ගිහින් ඔයාට සෙට් වෙන කෙනෙක්ට මැසේජ් එකක් දාලා බලන්න. හැබැයි අලුත් සයිට් වල වගේ විවිධ පරාමිතීන් දීලා හරියනම අය සර්ච් කරන්න මේකේ බෑ. එක එක ඇඩ් එක ක්ලික් කර කර බලන්න වෙනවා. අනික මේ සයිට් එකේ දැන් සෑහෙන්න ව්‍යාජ ඇඩ් එහෙමත් තියෙන නිසා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්නත් ඕන.

 

මේ තියෙන්නේ සිංහලෙන් වගේම දමිළ භාෂාවෙනුත් කටයුතු කරන, ඒ කියන්නේ සිංහල කථා කරන වගේම දමිළ භාෂාවත් කතා කරන මනාලයන්, මනාලියන් එක් තැන් කරන වෙබ් අඩවියක්. හැමදේම ඔන්ලයින් කරගන්න පුලුවන් මංගල යෝජනා වෙබ් අඩවි වගේ නවීන නැහැ. හැබැයි වැඩේ ගොඩයනවද කියලා කරලා බැලුවට කමක් නෑ. මේකටත් තමන්ගේ ඡායාරූප, කේන්දර කොපි, පුද්ගලික විස්තර හැම දෙයක්ම සපයන්න පුලුවන් තරමට වැඩේ සාර්ථක වෙන්න ඉඩ වැඩී.

 

මේකත් නමේ හැටියටම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තියෙන ඔන්ලයින් ජයමංගල සේවයක්. හැබැයි ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විවෘතයි කියලා තමයි මේ අය ඇඩ්වටයිස් කරන්නේ. මෙතනදී අපිට කිසිම ගාස්තුවක් ගෙවන්නේ නැතුව ප්‍රොෆයිල් එකක් හදාගන්න පුලුවන්. ඉන් පස්සේ ඉතින් තමන්ගේ අවශ්‍යතා ඔස්සේ සුදුසු සහකරුවන්ව, සහකාරියන්ව සර්ච් කරලා බලන්න පුලුවන්. හැබැයි එහෙම සර්ච් කරලා ඉදිරියට යන්න නම් ප්‍රොෆයිල් එකක් හදාගන්න එක අනිවාර්යයි. ඒකට ඡායාරූප සහ නිවැරදි විස්තර පළ කරන තරමට ප්‍රතිඵලත් තියේවි.

 

මෙන්න සීරියස් විදියට ජයමංගල වැඩේ ගෙනියන, තවත් ලියාපදිංචි මංගල යෝජනා ගැලපීම් කරන ආයතනයක්. තමන්ගේ විස්තර ඇතුළත් කරලා නොමිලේම ලියාපදිංචි වෙන්න පුලුවන්. ඡායාරූප එහෙමත් එකතු කරනවා නම් තවත් හොඳයි. ඉන් පස්සේ තමන්ගේ අවශ්‍යතා ඇතුළත් කරලා මනාලයෙක්ව හරි මනාලියක්ව හරි සෙවුම් කරලා බලන්න පුලුවන්. මේ අය ඔන්ලයින් වැඩ පටන් ගත්තේ කවදද කියන්න නම් අපි හරියට දන්නෙ නැති වුනත්, ඉසුරු ලංකා මංගල සේවායතනයට නං අවුරුදු විසිපහකට එහා කීර්ති නාමයක් තියෙනවාය කියලා කියන්න වුවමනායි. මේ අය කේන්දර ගැලපීම් ඇතුළු මංගල සේවා හැම එකක්ම කරලා දෙන බව තමයි අහන්න ලැබෙන්නේ!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here