(යොහාන් භාසුර)
දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම් වාහාම කටයුතු කරන ලෙස බලකරමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය, මහ බැංකුව ඉදිරිපිට අද (21) උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ණය සහ ලීසිං සඳහා සහන දෙනු’ සහ ‘බැංකු පොලිය පහළ හෙළනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධය දැක්වූ අතර එම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ද මහ බැංකුවට සහ මුදල් අමාත්‍යංශයට භාරදුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
Saru Fm Media