පසුගිය මාස කීපය තුළ දිවි රඟ මඩලින් බැස ගිය අපේ ආදරණීය කලා තරු – Saru News Media

0
6

මේ  අවුරුද්ද ලෝකයට වගේම ලංකාවටත් ඉතාමත් කණගාටුදායක අවුරුද්දක්. අපේ රටේ විවිධ ක්ෂේත් වල විශිෂ්ටයෝ ගණනාවක් ජීවිතයට සමු දුන්නා. කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවෙලා තියන අර්බු​දකාරී තත්ත්වය මැද තව තවත් මිනිසුන් කම්පනයට ලක් කිරීම​ට දිනපතා අහන්නට ලැබෙන මේ ලබැඳියන්ගේ සමුගැනීමුත් හේතු වුණා. මේ නිසා අපි හිතුවා පසුගිය දවස්වල අප අතරින් සදහටම සමුගත්  ශ්රේෂ්ඨ මිනිසුන් පිළිබඳව කෙටි සටහනක් තියන්න.

 

සරත් චන්ද්රසිරි කියන්නේ අපේ රටේ ජනතාවට ඉතාම සමීප නළුවෙක්. සාමාන් නළුවෙකුගේ සම්මත පෙනුමකට එහා ගිය ඔහුට තිබුණේ සාමාන්යයෙන් අපේ රටේ මිනිසකුගේ ස්වරූපය. නිසාම ඔහුට ලැබුණු චරිතවලටත් ඔහු ඉතාම හොඳ සාධාරණයක් ඉෂ්ට කළාවේදිකා නාට් මඟින් ඔහුට ලැබුණු පන්නරයත් සඳහා එක හේතුවක් වෙන්න ඇති. “සමගිපුර වසන්ත”, ටෙලි නාට් ක්ෂේත්රය තුළ ඔහු නිරූපණය කළ කැපී පෙනෙන චරිතයක් ලෙස ප්රේක්ෂකයන් අතර මතකයේදී රැඳී තිබෙනවා.

 

 

වේදිකාව, ටෙලිනාට් සහ චිත්රපට යන ක්ෂේත් තුනෙහිම තමන්ගේ දක්ෂතාවය පෙන්නපු සම්පත් තෙන්නකෝන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චරිතාංග නළුවෙක්. වගේම ඉතාමත් ඉහළ පෞරුෂයක් සහිත ඔහු වේදිකාව තුළ ඉතා මනරම් ගායනා පවා ඉදිරිපත් කළාප්රවීණ රංගනවේදිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ඔහුගේ වෙන්වීම බොහෝ දෙ​නෙකුට අදහාගත නොහැකි කරුණක් වුණා. සම්පත් තෙන්නකෝන්ව සිහිපත් කිරීමේදී “ගුරු තරුව” වේදිකා නාට්යයේ මධුර මුදලාලි ලෙස ඔහු නිරූපණය කළ භූමිකාව ගැ​න විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා

 

 දමින්ද මෙන්ඩිස් ටෙලිනාට් නළුවකු විදිහට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ ටෙලිනාට් කීපයකට පමණයි. එහෙත්  එම චරිත නිසාම ප්රේක්ෂකයන්ගේගේ වගේම තම සමීපතමයන්ගේ ආදරය ඔහුට ලැබුණා. කොරෝනා රෝගය නිසා අකාලයේ ඔහුට සමු ගන්නට සිදු වීම ඔහුගේ වගේම ප්රේක්ෂකයන්ගේ අවාසනාවක්.

 

 පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි ලක්ෂ්මන් විජේසේකර මහත්මයා මිය ගියා කියන ආරංචිය මුළු ලංකාවම සංවේගයට පත් කරන්න සමත් වුණා. ගායකයෙකු විදිහට මනරම් ගීත ගණනාවකින්  රසිකයන් පිනවූ ඔහු මුල් කාලයේ ටෙලි නාට් ගණනාවක නැතුවම බැරි නළුවෙකු වුණා. අතරින්ගංගා සහ නිශ්ශංක” ටෙලිනාට්‍ය​ය විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. වගේම ඇතැම් වාර්තා වලට අනුවවිරාගය” චිත්රපටයේ අරවින්දගේ භූමිකාවට මුල්වරට තෝරාගෙන තිබෙන්නේ ලක්ෂ්මන් විජේසේකරවයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here