පළවෙනි පාර සෙක්ස් කරන්න කලින් කියවලා ඉන්න ඕන ටිප්ස් කීපයක්! – Saru News Media

0
61

දැන් මේ ආටිකල් එක කියවන අය ගත්තහම, එතන ඉන්න පුලුවන් මීට කලින් සෙක්ස් කරලා තියෙන අය සහ මීට කලින් සෙක්ස් කරලා නැති අය. හැබැයි අපි මේ කතා කරන්නේ ස්වයං වින්දනමය අත්දැකීම් ගැන නෙවෙයි. කෙලින්ම තවත් මනුෂ්‍යයෙක් එක්ක ජීවිතේ එක පාරක් හරි සෙක්ස් කරලා තියෙන අය සහ නැති අය ගැන. මේ කතා කරන්නේ ලිංගික සංසර්ගය ගැන. ඉතින් ඔය මේ ආටිකල් එක ගොඩක්ම වැදගත් වෙන්නේ, මෙච්චර කාලෙකට කාත් එක්කවත් සෙක්ස් කරලා නැති, ජීවිතේ පළවෙනි වතාවට සෙක්ස් කරන්න යන අයට තමයි. හැබැයි ඒ විතරක් නෙවෙයි, මීට කලින් සෙක්ස් කරලා තියෙන අයටත් මේ ටිප්ස් වැදගත්. ඇයි? කවදාහරි දවසක ඔය සෙක්ස් කරලා පළපුරුදු කම් තියෙන කෙනෙක්ට වුණත් සමහරවිට ජීවිතේට සෙක්ස් නොකරපු කෙනෙක් එක්ක සෙක්ස් කරන්න සිද්ධ වෙන්න පුලුවනිනේ. ආන්න එතකොට, මේ කියන කාරණා තමනුත් දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා.

 

ඇත්තටම පළවෙනි වතාවට සෙක්ස් කරනවා කියලා අපි කියන්නේ කසාද බැඳලා හනිමූන් ගිහින් සෙක්ස් කිරීම විතරක් නෙවෙයි. එහෙම කාරණයකදීත් හනිමූන් යන්න බඩු පැක් කරගන්නේ කොහොමද කියලා අපි කලින් කියලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට සෙක්ස් කරනවා කියන එක විවාහ වෙලා වගේම, විවාහ නොවීත් සිද්ධ වෙන්න පුලුවන්. ඒ කොහොම වුණත්, ඕනම කෙනෙක් පළවෙනි වතාවට සෙක්ස් කරනවා නම්, මෙන්න මේ හොට් ටිප්ස් දැනගෙන ඉන්න එක ඉතාමත්ම වැදගත්!

 

මේක මුලින්ම කියන්න ඕන වැදගත් කාරණාව. අපි මෙතනදී කියන්නේ කොහේ හරි ගිහිල්ලා ඕරල් සෙක්ස් කරන එක හරි, ෆෝර්ප්ලේ කරන එක හරි නෙවෙයි. මෙතන අපි කතා කරන්නේ ලිංගික සංසර්ගය ගැන. ඒක සෘජු යෝනි සංසර්ගය වෙන්නත් පුලුවන්, සමහර වෙලාවට පළවෙනි ගුද සංසර්ගය වෙන්නත් පුලුවන්. හැබැයි විශේෂයෙන්ම මේ පළවෙනි යෝනි සංසර්ගීය අත්දැකීම නම්, එතනදී අපිට කාලාන්තරයක් තිස්සේ ඔළුවට කාවැදිලා තියෙන සංස්කෘතික කාරණා එහෙමත් බලපානවා. ඒ නිසාම කෙනෙක්ට ඒක බිග් ඩීල් එකක් වෙන්න පුලුවන්. ඒ ගැන අපි අන්තිමට කතා කරනවා.

 

කොහොම නමුත්, දෙන්නත් එක්ක පළවෙනි වතාවට සෙක්ස් කරන්න කලින්, දෙන්නම ඒ ගැන හොඳට කතාබහ කරලා ඉන්න ඕන. මූලිකවම, තමන් මේ දේට සූදානම්ද කියන එක ගැන හොඳ අදහසක් දෙන්නටම තියෙන්න ඕන. ඒ වගේම, දෙයියන්ගෙ නාමෙට බොරු විවාහ පොරොන්දු, බොරු ආදර පොරොන්දු එහෙම දීලා සෙක්ස් කරන්න යන්න එපා. ඒක කැතයි. අනික් කෙනාගේ හැඟීම් වලටත් ඒක හානියක්. අන්න ඒ නිසා, දෙන්නත් එක්ක ඒ විශ්වාසය හරියට තියාගන්න ඕන.

 

ඒ වගේම, දෙන්නම සෙක්ස් කරන්න ආස කොහොමද, කරන්න ආස දේවල් මොනවද, කොහොමද දෙන්නටම දැනෙන්නේ වගේ දේවලුත් මෙතනදී කතාබහ කරලා තියෙන එක වටිනවා.

 

ඊළඟට හිතන්න ඕන උපත් පාලනය ගැන. විවාහ වුණු හෝ නොවුණු, ඒත් දරුවන් හදන්නට බලාපොරොත්තු වෙන දෙන්නෙක් නම් ඒ ගැන වදවෙන්න ඕන නෑ. හැබැයි එහෙම නෙවෙයි නම්, සීරියස් පිට උපත් පාලනය ගැන තීරණය කරන්න ඕන. මෙතනදී ජනප්‍රියම සහ පහසුම ක්‍රමය වෙන්නේ කොන්ඩෝම තමයි. හැබැයි උපත් පාලන ක්‍රම එතනින් එහාට තවත් ඒවා තියෙනවා. පොස්ටිනෝ වගේ හදිසි අවස්ථාවකදී ගන්න තියෙන උපත් පාලන ගිලින පෙති යොදාගන්න එකත් ජනප්‍රියයි තමයි. හැබැයි අපි නම් කියන්නේ, ඒවා දිගින් දිගටම භාවිතය ඒ තරම් යෝග්‍ය නැහැ කියලා. ඊට වඩා ගැටළු අඩු උපත් පාලන ක්‍රම තව තියෙනවා.

 

ඒ වගේම, ලිංගික ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. විශේෂයෙන්ම තමන් මුල් වතාවට සෙක්ස් කරන්නේ විශ්වාසවන්ත සහකරුවෙක් එක්ක නෙවෙයි නම්, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ලෙඩ රෝග ගැනත් යම් බයක් තියෙනවා නම්, හොඳම දේ තමයි කොන්ඩම් භාවිතා කරන එක. ඒක ආරක්ෂාවට වගේම උපත් පාලනයටත් හොඳයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here