ප්‍රතිශක්තිය වැඩි කරන අපේ රටේ ආහාරපාන 7ක් – Saru News Media

0
5

මේ දවස්වල නිරන්තර අවධානය යොමු වෙන දෙයක් තමයි ශරීර ප්‍රතිශක්තිය වර්ධනයට තියෙන ආහාර වර්ග. ඒ බොහෝ දේවල් කාලයත් එක්ක අපේ මිනිස්සුගෙන් ඈත් වුණ අපේ ම දේවල්. මේ දවස්වලට විතරක් නෙවෙයි මතු අනාගතයටත් මේ දේවල් දිගටම භාවිත කරන එක ශරීර සෞඛ්‍යයට වටිනවා.

 


උණ හෙම්බිරිස්සාවට විතරක් ජාතික පානය වුණ නමුත් පුරුද්දක් විදියට කොත්තමල්ලි බොනවා අඩුයි. ශරීර ප්‍රතිශක්තියට කොත්තමල්ලිවල තියන ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන කාර්මික තාක්ෂණ ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය එක්ක කරපු පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියනවා. ඒ නිසා හැමදාම නැතත් දවස් දෙකකට වරක් හෝ කොත්තමල්ලි පානය කරන්න.


පාවට්ටා ශාකය අපේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න ඖෂධ ශාකයක්. ප්‍රතිශක්තිකරණයේ පටන් පිළිකා නසන ඖෂධයක් දක්වා පරාසයක පාවට්ටා භාවිතයට ගැනෙනවා. පාවට්ටා දළු සහ පාවට්ටා මුල් තමයි විශේෂයෙන් භාවිත කරන්නේ. තිත්ත රසය මදක් වැඩි නිසා කොත්තමල්ලි සහ සුදුළූණු මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. සීනි එක්ක බොනවට වඩා මී පැණි හෝ හකුරු එක්ක බොන්න.


කොස් පොලොස් කාලා ඉස්සර යෝධයොත් සවිය ගත්තා කියනවනෙ. පොලොස් ඇඹුලට පුළුවනි රුධිරයේ තියන ප්‍රතිශක්තිකරණ ගතිය වැඩි කරවන්න. හැබැයි ඒකට ඇඹුල හරියට හැදෙන්න ඕනි. ප්‍රෙෂර් කුකර් එකකින් හදාගන්න පොලොස බඩගින්න නිවාගන්න හොඳයි. ළිපේ ගින්දර කළමනාකරණය කරගෙන තුනපහ සහ මිටිකිරි එක්ක ඇඹුල් වෙන්න ඉඩ අරින පොලොස් ඇඹුලට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්.


බතල තම්බා කෑමෙන් වෙන දහසකුත් පෝෂ්‍යදායී ප්‍රතිඵලයන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහයෝගයක් ලැබෙන්නේ සුදු රුධිරාණු නිපදවීමට දෙන දායකත්වයයි. ප්‍රතිඔක්සිකාරවලට අමතරව විටමින් සහ ඛනිජ ලවණවලින් අනූනයි. 


වෑංජනයක් හෝ කැඳ විදියට සුදුළූණු ශරීරගත කරගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය නොසිතූ විදියට ඉහළ නංවාගන්න පුළුවන්. මෙහි තියන ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය විෂබීජයේ ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ගුණාංග ඉහළයි. 


කොරෝනා ව්‍යාප්තියත් එක්ක යළිත් සාකච්ඡාවට ලක් වුණ දෙයක් තමයි වෙනිවැල් ගැට පානය. වෙනිවැල් ගැට තම්බා බොන්න හොයාගන්න නැති නම් වෙළඳපොළේ තියනවා වෙනිවැල් ගැට පිටි. ඒවා අරගෙන තේ හදනවා වගේ හදලා බොන්න පුළුවන්. 


දෙහි කොළ ටිකක් අරගෙන උණු වතුර කෝප්පයකට දාලා තැම්බෙන්න හරින්න. තේ වෙනුවට පානය කරන්න. දෙහි කොළ කීපයක් හොයා ගන්න අමාරු නම් ඕනෑම පැඟිරි ශාකයක කොළ භාවිත කරන්න පුළුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here