ප්‍රේම සම්බන්ධය කැඩුණු යාළුවෙක්ට හිත හදාගන්න උදව් කරන හැටි – Saru News Media

0
11

ප්‍රේම සම්බන්ධතා කියන්නෙ ඉතින් ඉක්මනින් ඇතිවෙන්න වගේම නොහිතන වෙලාවක, නොහිතන විදිහට නැතිවෙලා යන්නත් පුළුවන් දෙයක්නෙ. නිකං කාලෙ ගෙවාගන්න, විනෝදෙට වගේ ලව් කරන කොල්ලො කෙල්ලොන්ට මේක හරිම සාමාන්‍ය දෙයක් වුණාට ඇත්තටම හිතින් ආදරේ කරපු කෙනෙකුටනම් ප්‍රේම සම්බන්ධතාවයක් කෙළවර වෙනව කියන්නෙ ටිකක් දරාගන්න අමාරු හැඟීමක්. ඒකනෙ අද කාලෙ අපිට අහන්න දකින්න වෙන හුඟක් සියදිවි නසාගැනීම් වලටත් හේතුවෙන්නෙ. ඉතින් එහෙම අවාසනාවන්ත සිදුවීම් අපේ අවට සමාජයෙන් ඇහෙන්නෙ නැතිවෙන්න නම් ඉතින් යාළුවොන්ගෙ ලව් පලහිලව් වලට උදව් කරනව වගේම ඒව මොනම හේතුවකට හරි කැඩිල ගියහමත් යාළුවා ලඟින්ම ඉඳලා හිත හදන එක අපේ ලොකු වගකීමක්. ඉතින් එහෙම ආදර සම්බන්ධතාවයක් කැඩුණු නිසා දුකින් ඉන්න ඔයාගේ යාළුවට හෝ යෙහෙළියට හිත හදාගන්න ලේසි වෙන්න ඔයාගෙන් කෙරෙන්න පුළුවන් උදව් කීපයක් ගැන තමයි මේ කියන්නෙ.

 

 

 

කලිනුත් කිව්ව වගේ අද කාලෙ අහන්න ලැබෙන අවාසනාවන්ත සියදිවි හානිකරගැනීම් ගොඩකට හේතුව හොයාගෙන ගියහම අපිට තේරුම් යන දෙයක් තමයි ඒ හැම කෙනෙකුටම ලඟින් ඉඳල දුක අහන්න, කතා කරන්න කෙනෙක් ඉඳල නැති බව. හිතට තදින්ම දැනුන ආදර සම්බන්ධතාවයක් නැතිවෙනව කියන්නෙ කෙනෙක් ලේසියෙන්ම depression එහෙමත් නැත්තම් විශාදය කියන මානසික තත්ත්වයට ඇදල දාන්න පුළුවන් හේතුවක්. අන්න ඒ නිසා තමයි එහෙම තත්ත්වයකට පත්වුණ යාළුවෙක් ආපහු ටික කාලයක් ගිහින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනකන්ම අපි එයාට නිතර නිතර සවන් දෙන්න ඕන. එයාගෙ හිතට දුක දැනෙන හැම වෙලාවකම එයා ඔහේ මොනවා හරි කියවයි. සමහරවිට එකමදේත් කියවයි. එත් අහගෙන ඉන්න. ඒක තමයි එයාට කරන්න පුළුවන් ලොකුම උදව්ව.

 

 

 

ඊළඟට නිතර නිතර එයාට කතා කරල සැප දුක හොයල බලන්න. යාළුවෙක් කියන්නෙ අපි ලඟම ඉන්න කෙනෙක් නෙමෙයිනෙ. වෙන ගෙදරක, වෙනම පරිසරයක ඉන්න කෙනෙක්. ඒ නිසා දිනපතා මුණගැහෙන්නෙ නැතිවෙයි. ඒත් පුළුවන් හැම වෙලාවකම කතා කරන්න. මොකද කලින් ආදරේ කරන කාලෙ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නිතරම කතා කරපු එකේ අඩුව එයාට තදින්ම දැනෙනවා මුල්ම දවස් වලදී. ටිකක් එපාවෙන වැඩක් උනත් යාළුවා වෙනුවෙන් මේ වැඩේ කරන්නම වෙනව ටික දවසක් යනකන්. 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here